“දෙසැම්බර් 26” ධිවර ජනතාවගේ සොරාගත් අනාගතය

විනාශ වූ වෙරළ තීරයෙන්, දහස් ගණන් අහිමි වූ ජිවිත, ධිවර ජනතාවගේ ඉරණම,

දිනය 2004 දෙසැම්බර් 26

“සුනාමිය” සෑම ජිවිතයක්ම මෝහතකට නතර වූ වෙලාව, ලෝකය අප දෙස බලා සිටි වෙලාව, අදට අවුරුදු 20 ක් ගත වී ඇත. අද අපි කතා කරන්නේ ඒ සුනාමි ව්‍යසනය ගැන නොවේ. සුනාමියෙන් පසු ධිවර ජනතාවගේ දුක් ගැන විල්ලයි.

ඔවුන්ගේ ජිවිත, දේපල, ධීවර නෞකා හා උපකරණ පමණක් නොව බොහෝ පවුල් ජීවත් වීමට අත්‍යවශ්‍ය දේවල් පවා නැතිවී විය.

මෙම අභියෝග මැද බොහෝ ධීවර ජනතාව නව රැකියා සොයා වෙනත් ප්‍රදේශ වලට ගියා. රජය සහ ජාත්‍යන්තර සංවිධානවල උදව්වෙන් නව ජීවිත ගොඩනගා ගැනීමට උපකාර කලත් ඔවුන්ගේ ජීවිත තවමත් ගැටළු සහගත තත්වයක් මතුව තිබේ.

සුනාමියෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල දරුණු අත්දැකීම් හා ඒවාට පිළියම් කීමේ මේ කථා මේ මොහොතේදී මුළු රටක්ම කතා කරනු බව පෙනේ.
.
ධීවර ක්ෂේත්‍රය මූලිකවම අත්‍ය අවශ්‍ය නෞකා සහ උපකරණ, සම්පූර්ණයෙන් විනාශවී තිබුණද දශක ගණනාවකට පසු මෝටර් බෝට් සහ අනෙකුත් උපකරණ නැවත ලබාගැනීමේ කටයුතු තවමත් සම්පුර්ණ වී නොමැත. විශාල විනාශයකට පසු ධිවර ජනතාවට තමාගේ ජීවිත ගොඩනැගීමේ අරගලයක නිරත වී සිටි. නමුත් ප්‍රතිසාධනය සදහා තිබූ මූල්‍ය සහාය, සමාජය තුළ නිසි ලෙස බෙදා නොදීම නිසා විශාල ගැටළු වලට මුහුණ දීමට සිදුවිය. නව ආරම්භයක් සඳහා රජය සහ ජාත්‍යන්තර සංවිධාන මැදිහත්වූ වුවද, නව නිවාස, උපකරණ සහ ආරක්ෂාවන් ලබාදීමේ ක්‍රියාවලි පසු බෑමකට ලක්විය.

ධිවර ජනතාවට සුනාමියෙන් පසු ලැබුණේ අහිමි වූ ජීවිත, ව්‍යාපාර හා සම්පත් පමණක් නොව අනාගතය නැවත ගොඩනැගීමේ අභියෝගයකි. නමුත් ප්‍රජාවක් ලෙස ධිවර ජනතාව ඒකරාශී වී උද්‍යෝගයකින් නව ජීවිතයන් සඳහා මේ මොහොතේ උත්සාහ කරයි. මෙම ව්‍යසනයක් සමඟ ඔවුන්ගේ කථා අපට ශක්තියක් සහ අවවාදයක් ද ලබාදෙයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *