ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ගිහාන් ද සිල්වා

හිටපු සභාපති සෙනේෂ් දිසානායක බණ්ඩාර මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ධූරය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.

ගිහාන් ද සිල්වා මහතා ශ්‍රී ලංකාවේ බහු සන්නාම ආයතනික මෙහෙයුම් පිළිබඳ වසර 25 කට වැඩි පළපුරුද්දක් ඇති දක්ෂ ව්‍යාපාරික වෘත්තිකයෙකි.

ගිහාන් මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි සිසුවෙකි ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද ලබා ඇත.

ඔහුගේ ආයතනික සාර්ථකත්වයට අමතරව ජාතික සංවර්ධනය සහ තිරසාර භාවය සඳහා නව රජයේ ප්‍රමුඛතම වැඩසටහනක් වන ‘පිරිසිදු ශ්‍රී ලංකා’ වැඩසටහන සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *