ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වෙයි

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං අභාවප්‍රාප්ත වී තිබේ. ඉන්දියානු මාධ්‍ය වාර්තා කළේ ඔහු මිය යන විට 92 වන වියේ පසු වූ බව ය. අසනීප තත්ත්වයක් හේතුවෙන් දිල්ලි අගනුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

මන්මෝහන් සිං ඉන්දියාවේ දීර්ඝතම කාලයක් අගමැති ධූරයේ කටයුතු පුද්ගලයා වන අතර ඔහු 2004 වර්ෂයේ සිට 2014 දක්වා එම ධූරයේ කටයුතු කළ බව ය. ජවහර්ලාල් නේරු, ඉන්දිරා ගාන්ධි සහ නරේන්ද්‍ර මෝදිගෙන් පසු දීර්ඝතම අගමැති ධුරය දැරූ ඉන්දීය ජාතික කොංග්‍රසයේ සාමාජිකයෙකු වූ සිං ඉන්දියාවේ ප්‍රථම සීක් අගමැති විය. ජවහර්ලාල් නේරුගෙන් පසු වසර පහක පූර්ණ ධුර කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසු නැවත තේරී පත් වූ පළමු අගමැති ද ඔහු විය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *