කොරියානු නියෝජිතායතනය සීගිරිය සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා උපාය මාර්ගික ව්‍යාපෘතියක් යෝජනා කරයි”
ලෝක උරුමයක් වන සීගිරියේ සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමේ අරමුණින් කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය (KOICA) විශේෂ ව්‍යාපෘතියක් යෝජනා කර ඇත.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය ඇතිව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම ව්‍යාපෘතියට ප්‍රධාන මුල පිරීම් කිහිපයක් ඇතුළත් වේ.
සීගිරි පර්වතයට ප්‍රවේශ මාර්ගය සංවර්ධනය කිරීම, විකල්ප ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරීම සහ සීගිරිය කෞතුකාගාරය, ආපනශාලා සහ ප්‍රවේශපත්‍ර කවුන්ටර වැනි පහසුකම් වැඩිදියුණු කිරීම මෙම මුලපිරීම්වලට ඇතුළත් වේ. ව්‍යාපෘතියේ මුළු වටිනාකම රුපියල් බිලියන 2.4ක් ලෙස ගණන් බලා ඇත.
බෞද්ධ, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ KOICA අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට යෝජිතය.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර KOICA හි නියෝජිතයින් සහ අනෙකුත් නිලධාරීන් සහභාගී විය.