වරායෙන් බහාලුම් ප්‍රමාදයකින් තොරව මුදා හැරීමට මණ්ඩලයක් පත් කරයි

ශ්‍රී ලංකා රජය විසින් ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මණ්ඩලයක් වරායෙන් බහාලුම් ප්‍රමාදයකින් තොරව මුදා හැරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා පත් කර ඇත.

එම මණ්ඩලය පත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

රේගු නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමට දීර්ඝ කාලයක් ගතවීම හේතුවෙන් බහාලුම් නිෂ්කාශනය මන්දගාමී වන බවට ආනයනකරුවන් පැමිණිලි කර ඇත.

පසුගිය කාලය තුළ නිෂ්කාශන ක්‍රියාවලියේ විවිධ ගැටළු මතු වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස දිනපතා රේගු නිලධාරීන් විසින් පරීක්ෂා කරන බහාලුම් සංඛ්‍යාව වැඩි විය. වරාය වෙත පැමිණෙන නැව් සංඛ්‍යාවේ වැඩි වීමක් ද නිරීක්ෂණය වී ඇත.

බහාළුම් මුදා හැරීම සඳහා දැනට ක්‍රියාත්මක වන ක්‍රමයේ කාර්යක්ෂමතාවය තවදුරටත් වැඩිදියුණු කරමින් කිසිදු ප්‍රමාදයකින් තොරව වරායෙන් බහාලුම් මුදා හැරීමට සුදුසු ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගැනීමට එම මණ්ඩලය කටයුතු කරයි.

මීට පෙරද කන්ටේනර් ප්‍රමාද කරමින් මුදා හැරීම ඇතැම් දූෂිත රේගු නිලධාරීන් විසින් අල්ලසක් ලබා ගැනීමේ උපාය මාර්ගයක් වූ බවද ආනයනකරුවන් පවසා ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *