පාරිසරික සංරක්ෂණය සඳහා දැඩි පියවරක් ලෙස කැලණි ගඟ අවට පහත් බිම්වල වැලි ගොඩදැමීම් තහනම්!
කැලණි ගඟේ ගංවතුර වැළැක්වීම සඳහා කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශයේ පහත් බිම් ගොඩකිරීම සහ පස් සේදීම, වැලි දැමීම වැනි කටයුතු තහනම් කර තිබේ.
කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී මෙම තීරණවලට එළඹිණි.
කෙටිකාලීන විසඳුමක් ලෙස කැලණි ගඟේ ඉවුරු ශක්තිමත් කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇත.