නව යුගයක ආරම්භය ‘පිරිසිදු ශ්‍රී ලංකා’

රටේ සෑම අංශයක්ම පරිවර්තනය කිරීම අරමුණු කරගත් “පිරිසිදු ශ්‍රී ලංකා” වැඩසටහන ශ්‍රී ලංකා රජය විසින් 2025 ජනවාරි 1 සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම මුලපිරීම අධීක්ෂණය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් දැනටමත් ස්ථාපිත කර ඇත.

“පිරිසිදු ශ්‍රී ලංකා” වැඩසටහනේ සමාරම්භය ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

මෙම වැඩසටහන වත්මන් රජයේ ප්‍රධාන වැඩපිළිවෙළක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

“පිරිසිදු ශ්‍රී ලංකාව” මගින් සෞඛ්‍ය සම්පන්න සහ පිරිසිදු පරිසරයක් නිර්මාණය කිරීම, රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම අල්ලස හා දූෂණය පිටුදැකීම, ඩිජිටල්කරණය ප්‍රවර්ධනය කිරීම සහ පරිසරයේ සෑම අංශයකම පිරිසිදුකම සහතික කිරීමත් අපේක්ෂා කරයි.

වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සාමාජිකයින් 18 දෙනෙකුගෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇත.

මෙම කාර්ය සාධක බලකායට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ඇතුළත් වේ. වැඩබලන පොලිස්පති ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ තවත් සම්භාවනීය පුද්ගලයන් කිහිප දෙනෙකු ඉංජිනේරුවන් වන කුමුදු ලාල් ද සිල්වා, අයි.එස්. ජයරත්න, ගිහාන් ද සිල්වා, සන්ධ්‍යා සල්ගාදු, වෛද්‍ය ගාමිණී බටුවිටගේ, වෛද්‍ය අනුරුද්ධ ගමගේ, දිල්රුක් වනසිංහ, දීපාල් සූරියආරච්චි, සිසිර අමරබන්දු, ක්‍රිෂාන්ත කුරේ, ජයතු පෙරේරා, රුවන් වීරසූරිය, සහ දයාන් කරුණාරත්න.

සමාජය වඩාත් දියුණු මට්ටමකට ඔසවා තැබීම සඳහා “පිරිසිදු ශ්‍රී ලංකා” වැඩසටහන සැලසුම් කිරීම, කළමනාකරණය කිරීම, ක්‍රියාත්මක කිරීම, ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සහ නිශ්චිත කාල සීමාවක් තුළ සම්පූර්ණ කිරීම කාර්ය සාධක බලකායට පවරා ඇත. ඒමගින් සෞඛ්‍ය සම්පන්න සහ පිරිසිදු පරිසරයක් නිර්මාණය කිරීම, රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම අල්ලස හා දූෂණය පිටුදැකීම, ඩිජිටල්කරණය ප්‍රවර්ධනය කිරීම සහ පරිසරයේ සෑම අංශයකම පිරිසිදුකම සහතික කිරීමත් අපේක්ෂා කරයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *