2025 වසර ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන වසරක් – අගමැතිනි

2025 වසර රාජ්‍ය සේවකයන් ලෙස ලබාදුන් ප්‍රතිඥාවලට අනුව ක්‍රියා කරමින් ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන වසරක් විය යුතු බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරයි.

අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ නව වසරේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන, සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට මෙන්ම එහි වෘත්තීය අධ්‍යාපන අංශයට සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැමිණි අවස්ථාවේදීය. සිය සංචාරයේදී අග්‍රාමාත්‍යවරිය අමාත්‍යාංශ පරිශ්‍රයේ සියලුම ඒකකවල නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර නිලධාරීන් සිය රාජකාරියේදී මුහුණ දෙන අභියෝගවලට විසඳුම් ලබා දුන්නාය.

“රටක් ගොඩනැගීම රජයකට, පක්ෂයකට හෝ දේශපාලන අධිකාරියකට පමණක් කළ නොහැක. ඒ සඳහා සමාජයේ සියලුම පුරවැසියන්ගේ සහ අංශවල සාමූහික උත්සාහය අවශ්‍ය වන බව අග්‍රාමාත්‍යවරිය සදහන් කළේය. තවද රාජ්‍ය සේවකයන් වශයෙන් ජනතාවට සේවය කිරීමේ සුවිශේෂී වගකීමක් ඔබට පැවරෙනවා. පිවිතුරු ශ්‍රී ලංකා වැඩසටහන හුදෙක් පරිසරය පිරිසිදු කිරීම පමණක් නොව සමාජ ආකල්ප පරිවර්තනය කිරීම ද වේ. මෙම පරිවර්තනයේ වගකීම අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරේ.
රාජ්‍ය සේවය පිළිබඳ නිෂේධාත්මක අදහස වෙනස් කර එය ජනතා ප්‍රශ්නවලට විසඳුම් සපයන ක්‍රමයක් ලෙස ස්ථාපිත කිරීමට නම් අප රාජ්‍ය සේවය පිළිබඳ ධනාත්මක ප්‍රතිරූපයක් ඇති කළ යුතුය. රජයේ එක් ඉලක්කයක් වන්නේ වෘත්තීය අධ්‍යාපනය අධ්‍යාපන ක්‍රමය තුළ කේන්ද්‍රීය කාර්යභාරයක් බවට පත් කිරීමයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *