ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් තරග කාලසටහන 2025

මේ වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතව ඇත්තේ ටෙස්ට් ක්‍රිකට් තරග 4ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාව සමගයි. තරග දෙකකින් සමන්විත එම තරගාවලිය මේ මස 29 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. පෙබරවාරි 6 සිට 10 දක්වා දෙවන ටෙස්ට් තරගය මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසරේ ජුනි මාසයේදී බංග්ලාදේශය සමග ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට එක් වේ.
එම තරගාවලියට ඇතුළත්වන්නේද ටෙස්ට් ක්‍රිකට් තරග 2ක් පමණයි. කෙසේ නමුත් මෙම බංග්ලාදේශ තරගාවලියෙන් අනතුරුව නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වන්නේ 2026 වසරේ ජුනි මාසයේදීයි. ඒ අනුව වසරක පමණ කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටීමට සිදු වනු ඇත.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් අදහස් පළකළ තිබුණි. එහි දැක්වෙන්නේ මේ මාසයේ පැවැත්වෙන ඕස්ට්‍රේලියානු ටෙස්ට් තරගාවලිය ඇතුළුව මේ වසර තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඇත්තේ ටෙස්ට් තරග 4ක් පමණක් බව ඇසීමෙන් විමතියට පත්වන බවයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *