අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නවඅධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත් කෙරේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මහාධිකරණ විනිසුරු එච්. රංග දිසානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කර ඇත.
ඒ සඳහා විධිමත් පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී නිල වශයෙන් ඔහු වෙත පිළිගැන්වීය.