සහල් ආනයනයට අවසර දුන් කාලය අවසන්
වෙළෙඳපොළේ පවතින සහල් හිඟය හේතුවෙන් සහල් ආනයනයට රජය අවසර ලබා දී තිබූ කාල සීමාව (ජනවාරි 10) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.
මෙම අවසරය නැවත දීර්ඝ කිරීමක් සිදු නොකරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා කියා සිටියේය.
වත්මන් රජය පත්වූ පසුව මුහුණ දීමට සිදුවූ ප්‍රධානතම අභියෝගයක් වූයේ සහල් හිඟය යි.
2025 ජනවාරි 09 දක්වා සහල් මෙට්‍රික් ටොන් 160,000ක් ආනයනය කර ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ පැවසුවේ ය. ඒ නිසා ප්‍රමාණවත් සහල් මාර්කට් එකේ තියෙනවා, ආනයනික සහල්වලත් මිල අඩු වෙලා තියෙනවා,” ඔහු පැවසුවේ ය.
මේ නිසා සහල් ආනයන අවසරය දීර්ඝ නොකරන බව ඔහු කියා සිටියේ ය.