සංචාරක වීසා මත ව්‍යාපාර පවත්වාගෙන යන පුද්ගලයන් පිළිබඳව රජය සැලකිලිමත් වේ – අගමැතිනි

සංචාරක වීසා මත මෙරට ව්‍යාපාර පවත්වාගෙන යන පුද්ගලයන් පිළිබඳව රජය අවධානය යොමු කර තිබේ. සංචාරක වීසා මත ව්‍යාපාරික කටයුතුවල යෙදීමට නීත්‍යානුකූල අවසරයක් නොමැති බවත් එවැනි සිදුවීම් සම්බන්ධයෙන් රජය නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ පසුගිය ජනවාරි 8 වනදා පැවති පාර්ලිමේන්තු සැසිවාරය අතරතුර විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

අගමැතිනි අදහස් දක්වමින්,

“පසුගිය වසරේ ශ්‍රී ලංකාවට පැමිණි ඊශ්‍රායල ජාතිකයින් සංඛ්‍යාව 25514කි. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය ඔවුන්ගේ පැමිණීම ඊශ්‍රායල ජාතිකයන් ලෙස සටහන් වේ. මේ රටේ සංචාරක වීසා මත ව්‍යාපාර පැවැත්වීම සඳහා ඊශ්‍රායල ජාතිකයන් ඇතුළු විවිධ රටවලින් පැමිණෙන සංචාරකයන් මෙහි ව්‍යාපාරික කටයුතුවල නිරත වන බව අපි දනිමු. අප විසින් හඳුනාගෙන ඇති
එවැනි සංචාරක වීසා මත ආ පුද්ගලයන් පිළබද නීතිමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරමින් පවතිනවා.

ව්‍යාපාර හෝ කර්මාන්ත ආරම්භ කිරීම වැනි ආයෝජන ව්‍යාපෘති සඳහා රජය ඊශ්‍රායල ජාතිකයන් ඇතුළු සංචාරකයින්ට වීසා නිකුත් නොකරයි. 2020 සිට වලංගු වීසා බලපත්‍ර නොමැතිව රට තුළ රැඳී සිටින කිසිදු ඊශ්‍රායල ජාතිකයෙකු පොලිස් ස්ථානවල හෝ මෙහෙයුම් ඒකකවල රඳවාගෙන නොමැත. දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන්නේ වීසා නොමැති එක් ඊශ්‍රායල ජාතිකයෙක් පමණි.

මේ රටට එන සංචාරකයන් ආරක්ෂා කිරීමේ වගකීම අපට තිබෙනවා. ආරුගම්බේ සිද්ධිය සම්බන්ධයෙන් බුද්ධි අංශ වාර්තා අනුව එම ප්‍රදේශයේ ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කළා.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *