අමෙරිකාවේ ලැව්ගිනි හේතුවෙන් මිය ගිය පිරිස තවත් ඉහළට
ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් මේ වන විට වාර්තා වී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 16දක්වා ඉහල ගොස් තිබෙනවා.එමෙන්ම තවත් පුද්ගලයින් 13 දෙනෙකුද අතුරුදන් ව ඇතැයිද සඳහන්.
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි හටගෙන ඇති ලැව්ගිනි තත්ත්වය තවත් සතියක පමණ කාලයක් පැවතිය හැකි බවට එරට රජය අනතුරු අඟවා තිබෙනවා.
ජල හිඟතාව හා අධික සුළං තත්ත්වය හේතුවෙන් ලැව්ගිනි පාලනය කිරීමට අපහසු වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට ලැව්ගින්න්න තවත් ප්‍රදේශ තුනකට පැතිර ගොස් තිබෙනවා.
ලැව්ගිනි පාලනය කිරීම සඳහා ඩ්‍රෝන යානාද යෙදවීමට එරට රජය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් පසුගිය දින දෙක තුළ පමණක් අතහැර දැමු නිවාස කොල්ලකෑම් සම්බන්ධයෙන් පුද්ගලයන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
එසේම පුද්ගල දේපළ ආරක්ෂා කිරීම සහ කොල්ලකෑම් වැළැක්වීම සඳහා තවදුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට ද එරට රජය තීරණය කර තිබෙනවා.
කෙනෙත් ගින්න අක්කර 1,052ක් වන අතර එය 90%න් පාලනය කර ඇති බවත් හර්ට්ස් ගින්න අක්කර 799ක් සහ 76%ක් පාලනය කර ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.
හටගත් ළැව්ගිනි මැඩපැවැත්වීම සඳහා ගුවන් යානා 70කට වැඩි ප්‍රමාණයක් සහ ගිනි නිවන රථ 1,600කට වැඩි ප්‍රමාණයක් ද යොදාගෙන ඇතැයිද අමෙරිකානු මාධ්‍ය වාර්තා කර තිබේ.