නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සිව් දෙනෙකු දිවුරුම් දෙයි
අභිනව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සිව් දෙනෙකු අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ඒ අනුව අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ගරු ආර්. එම්. එස්. රාජකරුණා, ගරු මේනකා විජේසුන්දර, ගරු සම්පත් බී. අබේකෝන් සහ ගරු එම්. එස්. කේ. බී. විජේරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස දිවුරුම් දුන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයේදීය.
මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද සහභාගී විය.