සෞඛ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව සහතික වීමට රජය පොරොන්දුවේ.
ඖෂධ කර්මාන්තය තුළ පවතින ගැටලු විසඳීමට හා සෞඛ්‍ය සේවකයින්ගේ ආරක්ෂාව සහතික කිරීමට රජය පොරොන්දු දී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව ප්‍රකාශ කළේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
මෙම සංචාරයේදී අමාත්‍යවරයා ඖෂධ සැපයුම් ජාලය, ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ බෙදාහැරීම පිළිබඳව නිලධාරීන් සමඟ සවිස්තර සාකච්ඡාවක් පැවැත්වීය.
ක්ෂේත්‍රයේ සේවකයින් මුහුණ දෙන අභියෝග පිළිබඳව අවධානය යොමු කල අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඔවුන් සමග සුහද කතා බහකද නියැලුණේය.