දකුණු කොරියානු ජනාධිපතිවරයා අත්අඩංගුවට පත්වේ

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ දකුණු කොරියානු ජනාධිපති යූන් සොක් යෝල් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

දැවැන්ත විරෝධතා මධ්‍යයේ අද (15) පෙරවරුවේ විශේෂ විමර්ශන නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ වැඩි විස්තර, පසුගිය 03 වැනිදා දකුණු කොරියානු ජනාධිපති යූන් සොක් යෝල් මහතා දේශද්‍රෝහී චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී ඔහුගේ ආධාරකරුවන්ගේ විරෝධය හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.

මේ අතර, විශේෂ විමර්ශන නිලධාරීන් අද අලුයමයූන් සොක් යෝල්ගේ නිවස ඉදිරිපිටට රැස්වූයේ ඔහු අත්අඩංගුවට ගැනීමට 2 වැනි උත්සාහයක් ද ගනිමිනි.

නමුත් අත්අඩංගුවට ගැනීම කල්තියා දැනගත් නිසා යූන් සොක් යෝල්ගේ ආධාරකරුවන් 6500ක් පමණ බැනර් අතැතිව විරෝධතාවයේ නිරත වූහ.

ඔවුන් මිනිස් දම්වැල විරෝධතාවක් ද පැවැත්වීය. විරෝධතාකරුවන්ගෙන් වැඩි දෙනෙක් වයෝවෘද්ධ අය වූහ.

ඉන් අනතුරුව යූන් සොක් යෝල්ගේ නීතීඥවරයා විශේෂ විමර්ශන නිලධාරීන් සමඟ ද සාකච්ඡා පැවැත්වීය. කෙසේ වෙතත්, තහනම නොතකා ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *