චීනයේ සාර්ථක රාජ්‍ය සංචාරය නිමවා ජනපති යළි දිවයිනට

සිය සිව්දින චීන රාජ්‍ය සංචාරය නිමා කර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනට පැමිණ තිබේ.

සිය සංචාරයේ අවසන් දිනය වූ ජනාධිපති දිසානායක මහතා අද පෙරවරුවේ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වැන්ග් ෂියාඕහුයි මහතා හමුවී සාකච්ඡාවක් පැවැත්වීය.

ඉන් අනතුරුව ජනාධිපතිවරයා සිචුවාන් පළාතේ අගනුවර වන චෙන්ග්ඩු නගරයේ පිහිටි ඩොංෆැන්ග් විදුලි සංස්ථාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

සිය රාජ්‍ය සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් ජනාධිපති දිසානායක මහතා තිරසාර ග්‍රාමීය සංවර්ධනය සහ පුනර්ජීවනය කිරීමේ ප්‍රයත්නයන් ප්‍රදර්ශනය කරන Shanqi ආදර්ශ ගම්මානය මෙන්ම Sichuan හි ජාතික විද්‍යා, තාක්ෂණ සහ කෘෂිකර්ම මධ්‍යස්ථානය නැරඹීමට ද ගියේය.

මෙම කටයුතු සඳහා සහභාගී වූ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරු ද ජනාධිපතිතුමා සමඟින් පැමිණි දූත පිරිසට එක්ව සිටියහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *