ට්‍රම්ප් අද ජනපති ධූරයේ දිවුරුම් දෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ 47 වන ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අද (20) දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව වොෂිංටන් කැපිටල්හිදී ඇමෙරිකානු අගවිනිසුරු ජෝන් රොබට් ඉදිරියේ ඔහු දිවුරුම් දීමට නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

කෙසේ නමුත් වොෂිංටනයට පවතින අධික ශීත කාලගුණය හේතුවෙන් පළමු වරට ගෘහස්ත ස්ථානයක දී දිවුරුම්දීම පැවැත්වෙනු ඇති බවයි සඳහන් වෙන්නේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *