දිවයිනට බලපාන අද (26) කාලගුණ තත්වය

ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර, මඩකලපුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් වැසි ස්වල්පයක් ඇති විය හැක.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දෙපාර්තමේන්තුව පැවසීය.

සබරගමුව පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ක පමණ තරමක තද වැසි අපේක්ෂා කළ හැක.

මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුමේ සහ උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 30-40 පමණ තරමක් තද සුළං අපේක්ෂා කළ හැකි බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැක.

එබැවින් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *