Air India ගුවන් යානයක් තාක්ෂණික දෝෂයක් නිසා නැවත හරවයි

හොංකොං සිට නවදිල්ලිය බලා ගමන් ආරම්භ කළ Air India ගුවන්යානයක තාක්ෂණික දෝෂයක් ඇතිව ඇති බවට සැකයක් හේතුවෙන් යළි හොංකොං බලා පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

Air India ගුවන් සේවයට අයත් බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් ගුවන්යානයක් මෙලෙස හරවා ඇති අතර මෙම ගුවන්යානයේ තාක්ෂණික දෝෂයක් ඇති බවට නියමුවාට සැකයක් ඇතිවීම හේතුවෙන් අරක්ෂිත පියවරක් ලෙස මෙම පියවර ගෙන තිබෙනවා.

එම ගුවන්යානය මේ වනවිට පරීක්ෂාවට ලක්කරමින් පවතින බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *