‘මග නැඟුම’ හිටපු ඉහළ නිලධාරීන් දෙදෙනෙක් තවදුරටත් රිමාන්ඩ්

‘මග නැඟුම’ හිටපු ඉහළ නිලධාරීන් දෙදෙනෙක් තවදුරටත් රිමාන්ඩ්

‘මග නැඟුම’ සමාගමේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණයේ සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි හිටපු නිලධාරීන් දෙදෙනකු මාර්තු 3 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (27) නියෝග කළේය. මග නැගුම හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අබේසිංහ අදිකාරි සහ හිටපු අතිරේක සාමාන්‍යාධිකාරී (මුදල්) අනගි පුරගේ මයිකල් යන සැකකරුවන් දෙදෙනා පොලිස් මූල්‍ය අපරාධ…

කොටස් වෙළඳපොළ මිල දර්ශකය ඉහළට

කොටස් වෙළඳපොළ මිල දර්ශකය ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (27) ඒකක 63.93කින් සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද දිනය අවසානයේ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 16,408.94ක් ලෙසයි. එය 0.39%ක වැඩිවීමක් බවට වාර්තා වේ. එමෙන්ම අද පිරිවැටුම රුපියල් බිලියන 1.2ක් ලෙස සටහන් වී තිබේ.

වරාය සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ජපන් ආයෝජන

වරාය සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ජපන් ආයෝජන

ශ්‍රී ලංකාව තුළ වරාය ආශ්‍රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ජපාන රජය එකඟතාව පළ කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකියෝ (Isomata Akio) අතර ජනාධිපති කාර්යාලයේදී අද (27) පැවැති හමුවේදී මෙම එකගතාව පළ කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. ජපාන රජය මෑතකදී ආරම්භ කළ ආරක්ෂක සහයෝගීතා…

හිටපු ජනපති රනිල් අද ඉන්දියාවට

හිටපු ජනපති රනිල් අද ඉන්දියාවට

සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් වන දේශනයක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (27) ඉන්දියාවට පිටත්ව යාමට නියමිතව තිබෙනවා. රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහභාගීත්වයෙන් නව දිල්ලි නුවර භාරත මණ්ඩපයේදී සිකුරාදා (28) දින එම දේශනය පැවැත්වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ. මෙම ඉන්දීය සංචාරයේදී රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක්ද පැවැත්වීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

මැක්‍රෝන් ට්‍රම්ප් හමුවෙයි

මැක්‍රෝන් ට්‍රම්ප් හමුවෙයි

රුසියන් යුක්රේන යුද්ධය විසඳීමේදී යුක්රේනයට අසාධාරණයක් නොකරන්නැයි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයේ දී පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළ බවයි. යුක්රේනයට සාමය උදා කිරීම යනු, යුක්රේනය රුසියාවට යටත් නොවීම යැයි මැක්රොන් ට්‍රම්ප්ට පෙන්වා දුන්නේය. ට්‍රම්ප් රුසියන් යුක්රේන යුද්ධය විසඳීමට සූදානම්…

ඥානසාර හිමිට ඇප

ඥානසාර හිමිට ඇප

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය හිමිට කොළඹ මහාධිකරණය ඇප ලබාදී තිබෙනවා. ඉස්ලාම් දහම පිළිබඳව අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීම හේතුවෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස නවයක ලිහිල් සිරදඬුවමක් නියම වී තිබේ. මෙම නඩුවට අදාළව ගොනු කර ඇති අභියාචනයක් විභාග කර අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන තෙක් ඇප ලබාදෙන ලෙස ඉල්ලා ඥානසාර හිමියන්ගේ නීතීඥවරුන් එම දඬුවමට එරෙහිව ගොනු කළ…

ගණේමුල්ල සංජීව ඝාතනයේ පලාගිය කාන්තා සහයකයාගේ මව සහ සහෝදරයා අත්අඩංගුවට

ගණේමුල්ල සංජීව ඝාතනයේ පලාගිය කාන්තා සහයකයාගේ මව සහ සහෝදරයා අත්අඩංගුවට

2025 පෙබරවාරි 19 වන දින අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේදී “ගණේමුල්ල සංජීව” නමින් හඳුන්වන කුප්‍රකට පාතාල නායක සංජීව කුමාර සමරරත්නට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) විසින් අත්අඩංගුවට ගෙන ඇත. පෙබරවාරි 24 වන දින සිදු කරන ලද නවතම අත්අඩංගුවට ගැනීම් සමඟ අත්අඩංගුවේ පසුවන මුළු සැකකරුවන් සංඛ්‍යාව දස දෙනෙකු…

ජනාධිපති මාධ්‍ය උපදේශක සහ ජාත්‍යන්තර මාධ්‍ය අධ්‍යක්ෂ පත් කරයි

ජනාධිපති මාධ්‍ය උපදේශක සහ ජාත්‍යන්තර මාධ්‍ය අධ්‍යක්ෂ පත් කරයි

ජනාධිපති උපදේශක (මාධ්‍ය) ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර පත්කර තිබෙනවා. මේ අතර ජනාධිපති මාධ්‍ය අංශයේ, ජාත්‍යන්තර මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී අනුරුද්ධ ලොකුහපුආරච්චි මහතා පත් කර ඇති බවයි සඳහන් වෙන්නේ. ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක අතින් ඔවුන් සිය පත්වීම් ලිපි ලබා ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් නිකුත්…

සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක 07ක් එක පෙළට දැක ගැනීමේ අවස්ථාව අද සිට

සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක 07ක් එක පෙළට දැක ගැනීමේ අවස්ථාව අද සිට

සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක 07ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අවස්ථාවක් මේ දිනවල පවතින බව ආතර් සී. ක්ලාක් ආයතනය පවසනවා. ඒ අනුව අද (25) දිනයේ සිට ලබන 28 වන දින දක්වා කාලය තුල හිරු බැසගිය පසු ශ්‍රී ලංකාවට මෙම දසුන ඉතා හොදින් දිස්වනු ඇති බවයි නවීන තාක්ෂණය පිළිබද ආතර් සී. ක්ලාක් ආයතනයේ සභාපති, මහාචාර්ය චන්දන…

Champions Trophy තරගාවලියෙන් පාකිස්තානය හා බංග්ලාදේශය ඉවතට

Champions Trophy තරගාවලියෙන් පාකිස්තානය හා බංග්ලාදේශය ඉවතට

2025 ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවත්වීමට සත්කාරක පාකිස්තානයට හා බංග්ලාදේශයට සිදුව තිබෙනවා. ඒ අනුව ඊයේ (24) බංග්ලාදේශය සමග පැවති තරගයේ කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වීමත් සමඟ බංග්ලාදේශයට මෙලෙස ඉවත්වීමට සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ. මේ වනවිට A කාණ්ඩයේ පෙරමුණ ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්ව ඇති අතර, A කාණ්ඩයේ…