උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද (17) ප.ව 4:00 නිකුත්කළ එම නිවේදනය හෙට (18) දිනය සඳහා වලංගු වන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. ඒ අනුව උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම…

බොරතෙල් මිල පහළට

බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ. ඒ පසුගිය සතියට සාපේක්ෂවයි. ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 74.48ක් ලෙස සටහන්ව ඇත. ඒ 0.35%ක අඩුවීමක්ය. තවද, ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 70.41ක් වේ. ඒ, 0.47%ක අඩුවීමක් වේ.

විශ්‍රාම වැටුප අදියර 03 කින් වැඩි කිරීමට යෝජනාවක්

විශ්‍රාම වැටුප අදියර 03 කින් වැඩි කිරීමට යෝජනාවක්

විශ්‍රාම වැටුප මේ වනවිටත් රුපියල් 3,000 කින් වැඩි කර ඇති බව අයවැය යෝජනාව ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. කෙසේ නමුත් 2017.12.31 දක්වා විශ්‍රාම ගිය සියලුම විශ්‍රාමිකයන් එකම වැටුප් පරිමාණයක සිටින බැවින් 2016 – 2020 දක්වා විශ්‍රාම ගිය රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප පමණක් සංශෝධනය කිරීම තුළින් වැටුප් වි​ෂමතා ඇති වන බව නිරීක්ෂණය කර ඇති…

ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇති වාහන විකිණීම සඳහා ටෙන්ඩර් කැඳවයි

ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇති වාහන විකිණීම සඳහා ටෙන්ඩර් කැඳවයි

ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇති වාහන විකිණීමේ ක්‍රියාවලිය රජය මේ වන විට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව වාහන වෙන්දේසි කිරීම සඳහා වන මිල ගණන් කැඳවීමට මේ වන විට ටෙන්ඩර් ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා. ටෙන්ඩර් පත්‍රිකා භාරගැනීම පෙබරවාරි මස 27 වැනිදා දක්වා සිදුකරන බවයි අදාළ ටෙන්ඩර් නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

2025 අයවැය මඟින් රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප වැඩිවන ආකාරය

2025 අයවැය මඟින් රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප වැඩිවන ආකාරය

2025 අයවැය මඟින් රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප වැඩි කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. එලෙස ඉහළ දමන ලද මූලික වැටුප වැඩිවන ආකාරය මෙවර අයවැය මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව තනතුරු අනුව වැටුප් වැඩිවන ආකාරය ඇතුළත් ඇමුණුම පහතින්.

විජය කුමාරතුංග 37 වැනි ගුණානුස්මරණය අදයි

විජය කුමාරතුංග 37 වැනි ගුණානුස්මරණය අදයි

ලාංකේය සිනමාවේ ජනකාන්ත රංගන ශිල්පී විජය කුමාරතුංගයන් ඝාතනයට ලක්ව අදට වසර 37ක් සපිරේ. ඔහුගේ 37 වැනි ගුණානුස්මරණය හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් කටුනායකදී අද සිදුකෙරුණි. 1945 ඔක්තෝබර් මස 09 වැනි දින උපත ලද විජය කුමාරතුංග සිනමාවට පිවිසෙන්නේ හන්තානේ කතාව චිත්‍රපටයෙන්ය.තුෂාරා , ආදරේ හිතෙනවා දැක්කම , හතරදෙනාම සූරයෝ , අහස් ගව්ව , ගඟ අද්දර,…

කලා පොළ 2025’’ කොළඹදී විවෘත වේ

කලා පොළ 2025’’ කොළඹදී විවෘත වේ

Sri Lanka හි වාර්ෂික එළිමහන් කලා, මූර්ති සහ අත්කම් ප්‍රදර්ශනය වන “කලා පොළ 2025” 32 වැනි වරටත් අද (16) පෙරවරු 8 සිට රාත්‍රී 8 දක්වා කොළඹ 07 ආනන්ද කුමාරස්වාමි මාවතේ (හරිත මාවත) හිදී පැවැත්වේ.

දරුවන්ගේ අනාගතය රඳා පවතින්නේ ගුරුවරුන්ගේ ආකල්ප සහ ක්‍රියා කලාපය මතයි

දරුවන්ගේ අනාගතය රඳා පවතින්නේ ගුරුවරුන්ගේ ආකල්ප සහ ක්‍රියා කලාපය මතයි

සියලුම දරුවන්ගේ අනාගතය තීරණය වන්නේ ගුරුවරුන්ගේ ආකල්ප සහ ක්‍රියාවන් මත බවත් ගුරු – ශිෂ්‍ය සබඳතාව උසස්ම තත්ත්වයෙන් තිබිය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) යාපනය කෝපායි ප්‍රදේශයේ පැවති ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ 25 වන සංවත්සර උත්සවයට එක්වෙමින්. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙම උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූයේ….

ඇල්ල රොක් ගින්න නිවන්න හෙලිකොප්ටර් යොදා නොගත්තේ එය අසාර්ථක සහ අධික වියදම් සහිත නිසා – සංචාරක නියෝජ්‍ය ඇමති

ඇල්ල රොක් ගින්න නිවන්න හෙලිකොප්ටර් යොදා නොගත්තේ එය අසාර්ථක සහ අධික වියදම් සහිත නිසා – සංචාරක නියෝජ්‍ය ඇමති

ඇල්ල රොක් කඳු පන්තියේ හටගත් ගින්න පාලනය කිරීම සඳහා හෙළිකොප්ටර් යානා යොදා නොගත්තේ එය අසාර්ථක හා අධික වියදම් සහිත වීම හේතුවෙන් බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ පවසනවා. ඒ අනුව ගින්න මැඩ පැවැත්වීමට හෙළිකොප්ටර් යොදා ගැනීම තුළින් නිවැරදි ඉලක්කයට ගින්න නිවීමට නොහැකි බවත් එය අසාර්ථක වන බවට තමන් ආරක්ෂක ලේකම්වරයා සමඟ සිදුකළ සාකච්ඡාවේදී අනාවරණය…

උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්

උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බවට අනතුරු ඇඟවීමක්

දිවයිනට දැනට බලපා ඇති වියලි කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම අධික උෂ්ණත්වය හමුවේ ජනතාවගේ දෛනික කටයුතුවලට බාධා එල්ලවන තත්ත්වයක් මතුව ඇති අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් වඩා අවධානය යොමු කළ යුතු බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. විශේෂයෙන් එළිමහනේ කටයුතු කරන පුද්ගලයින්, මහාමාර්ගවල වැඩකරන පුද්ගලයින් මෙන්ම මේ දිනවල කුඹුරු ආශ්‍රිතව වැඩ…