ලක්ෂ ගණන් අය කරන ගායක ගායිකාවන්ට, කර්තෘ භාගය ලබාගන්න මැදිහත් වෙන්නවත් කෘතවේදීත්වයක් නෑ – ආචාර්ය රෝහණ වීරසිංහ

ලක්ෂ ගණන් අය කරන ගායක ගායිකාවන්ට, කර්තෘ භාගය ලබාගන්න මැදිහත් වෙන්නවත් කෘතවේදීත්වයක් නෑ – ආචාර්ය රෝහණ වීරසිංහ

ගීතයක කර්තෘ හිමිකම දරන ගී පද රචකයාගේ සහ සංගීතඥයන්ගේ අයිතීන් සුරක්ෂිත කරන ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනිව ඇතැම් පිරිස් කටයුතු කරන බව ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ හා සංගීත ප්‍රකාශකයන්ගේ සංගමය පවසනවා. ගීතයක කර්තෘ හිමිකම ඇත්තේ ගීත රචකයාට හා සංගීතවේදියාට බවත්, ගායකයාට ද කිසියම් බුද්ධිමය දේපළ අයිතියක් ඇති බවත් ප්‍රවීණ ගීත රචක නිලාර් එම්. කාසිම් මාධ්‍ය හමුවකට එක්වෙමින්…

GMOA දීප ව්‍යාප්ත වර්ජනය අත්හිටුවයි

GMOA දීප ව්‍යාප්ත වර්ජනය අත්හිටුවයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (11) සිට ක්‍රියාත්මක කිරීමට තිබූ දීප ව්‍යාප්ත වර්ජනයක අත්හිටුවා තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව, සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේ දී එළඹි එකඟතාවයන්ට ලැබුණු ධනාත්මක සහ සාධනීය ප්‍රතිචාර සලකා බලමින්, අද උදෑසන ආරම්භ කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ…

සාමාන්‍ය පෙළ – උසස් පෙළ විභාග දින නියම වේ

සාමාන්‍ය පෙළ – උසස් පෙළ විභාග දින නියම වේ

2025 වසරට අදාළ වන උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා දින නියම කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව 2025 අ.පො.ස උසස් පෙළ විභාගය එළැඹෙන නොවැම්බර් මස 10 ආරම්භ වී දෙසැම්බර් මස 5 වැනි දින අවසන් වන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි පවසයි. එසේ ම මෙම වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය 2026…

හයිටි රාජ්‍යයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට

හයිටි රාජ්‍යයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට

අපරාධ කල්ලි සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාම හේතුවෙන් හයිටි රජය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. එම හදිසි තත්ත්වයක් මාස තුනක කාලයක් සඳහා එය බලපැවැත්වෙන බවයි එරට රජය නිවේදනය කර ඇත්තේ රට පුරා සන්නද්ධ කල්ලි සිදුකරන ප්‍රහාරයන් අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන් පවත්නා අනාරක්ෂිතභාවයට එරෙහිව සටන් කිරීමට මෙම පියවර ගත් බවයි රජය තවදුරටත් සඳහන් කර සිටින්නේ. මේ…

ඩොලර් බිලියන 1.6ක වත්කමකට හිමිකම් කියමින් ව්‍යාපාරික ඉෂාර නානායක්කාර මෙරට ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

ඩොලර් බිලියන 1.6ක වත්කමකට හිමිකම් කියමින් ව්‍යාපාරික ඉෂාර නානායක්කාර මෙරට ධනවත්ම පුද්ගලයා බවට පත්වෙයි

මෙරට ධනවත්ම පුද්ගලයා ලෙස, මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයක සභාපතිවරයකු වන ව්‍යාපාරික ඉෂාර නානායක්කාර මහතා පත් වී ඇති බව Gulf News වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. ඒ අනුව, ඔහු ඩොලර් බිලියන 1.6ක වත්කමකට හිමිකම් කියන අතර, ගෝලීය ක්ෂුද්‍ර මූල්‍ය සහ රක්ෂණ අංශවල ශ්‍රී ලංකාවේ පැවැත්ම පුළුල් කිරීමේදී ඉෂාර නානායක්කාර මහතා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කර ඇති…

ශ්‍රී ලංකාව ආර්ථික සහයෝගිතාවය වෙනුවෙන් මාලදිවයිනට දිගු කළ දෑත

ශ්‍රී ලංකාව ආර්ථික සහයෝගිතාවය වෙනුවෙන් මාලදිවයිනට දිගු කළ දෑත

ශ්‍රී ලංකාව සහ මාලදිවයින විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇතිකර ගැනීමේ 60 වැනි සංවත්සරය සමරන මෙම වැදගත් අවස්ථාවේදී, මාලදිවයින වෙත කෙරෙන සිය සංචාරය වඩාත් වැදගත්කමක් උසුලන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. තමන්ට සහ තම නියෝජිත පිරිසට ලබාදුන් උණුසුම් පිළිගැනීම වෙනුවෙනුත් ආගන්තුක සත්කාරය වෙනුවෙනුත් ජනාධිපති මොහොමඩ් මුයිසු මැතිතුමාට සිය අවංක කෘතඥතාව පළ කරන බවයි ජනාධිපතිවරයා කියා…

පොල්තෙල්වලට ප්‍රමිතියක්

පොල්තෙල්වලට ප්‍රමිතියක්

නියමිත ලෙස ඇසුරුම් කරන ලද පොල් තෙල් පමණක් අලෙවිය සඳහා ඉදිරියේදී අවසර ලබාදිමට තීරණය කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. ඒ වෙළෙඳපොළේ පවතින ඇසුරුම් නොකරන ලද පොල්තෙල් සඳහා වෙනත් ද්‍රව්‍ය කලවම් කර අලෙවිකරන බවට තම අධිකාරියට ලද පැමිණිලිවලට අදාළව සිදුකළ සාම්පල පරීක්ෂා ඔස්සේ කළ තහවුරු කිරීම්වලට අනුවයි. වෙළෙඳපොළේ පවතින ඇසුරුම් නොකරන ලද පොල්තෙල්…

ඖෂධ ගැන පරීක්ෂා කරන්න ජංගම දුරකථන යෙදවුමක්

ඖෂධ ගැන පරීක්ෂා කරන්න ජංගම දුරකථන යෙදවුමක්

ඕනෑම ඖෂධයක් පරීක්ෂා කරගත හැකි SLADA දුරකථන යෙදුම නුදුරේදීම එළිදැක්වීමට නියමිත බව ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍යායතනය පවසනවා. ඒ ඔස්සේ තහනම් ඖෂධ සහ භාවිත කළ හැකි ඖෂධ පිළිබඳව සරලව අවබෝධයක් ලබා ගත හැකි බව ද එම ආයතනය පවසනවා. ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා සිංහල මාධ්‍ය ජාත්‍යන්තර පාඨමාලාව අද (28) ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජිත ආයතනයේ දී…

ශ්‍රීලන්කන් අක්‍රමිකතා ගැන හොයන්න සය පුද්ගල විශේෂ විමර්ශන කමිටුවක්

ශ්‍රීලන්කන් අක්‍රමිකතා ගැන හොයන්න සය පුද්ගල විශේෂ විමර්ශන කමිටුවක්

ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් ලිමිටඩ් සමාගමේ සහ සීමාසහිත ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සිදු වී ඇති බව කියන වංචා, දූෂණ සහ අක්‍රමිකතා පිළිබඳ විමර්ශනයට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත් කරනු ලැබ ඇත. එම විශේෂ විමර්ශන කමිටුව හමුවූ ජනාධිපතිවරයා ඔවුන් සමග සාකච්ඡාවක් ද පවත්වා තිබේ. ඒ, ඊයේ (ජූලි 22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී…

ජපානය එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 550 ක් ආයෝජනය කරන විට ට්‍රම්ප් තීරුබදු 15% දක්වා අඩු කරයි

ජපානය එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 550 ක් ආයෝජනය කරන විට ට්‍රම්ප් තීරුබදු 15% දක්වා අඩු කරයි

මාස ගණනාවක් තිස්සේ පැවති දැඩි සාකච්ඡාවට ගණනාවකින් අනතුරුව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජපාන අපනයන සඳහා 15%ක තිරුබදු අඩු කිරීමක් නිවේදනය කර තිබේ. ඊයේ(22)දිනයේදී අත්සන් කරන ලද මෙම නව වෙළඳ ගිවිසුමට අනුව එක්සත් ජනපදය ජපාන අපනයන සඳහා සියයට 15 ක තීරු බදු අවම කිරීමට සාපේක්ෂව ජපානය එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 550 ක් ආයෝජනය කිරීමට…