ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ආරක්ෂාව තර කරයි

ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ආරක්ෂාව තර කරයි

කොළඹ කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ල ආශ්‍රිතව ආරක්ෂාව තර කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. පොලිස් නිලධාරීන් 20කට ආසන්න පිරිසක් ඒ සඳහා අනියුක්ත කර ඇති බවයි ඔහු සඳහන් කළේ. එසේම මෙම ගිනි ගැනීම් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයාගෙන් වාර්තාවක් ලබා ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා. ඉදි කෙරෙමින් පවතින කොළඹ කොටුව…

යල කන්නයේදී බඩ ඉරිඟු අස්වැන්නෙන් රට ස්වයංපෝෂිත කරනවා – නාමල් කරුණාරත්න

යල කන්නයේදී බඩ ඉරිඟු අස්වැන්නෙන් රට ස්වයංපෝෂිත කරනවා – නාමල් කරුණාරත්න

එළැඹෙන යල කන්නය වන විට බඩ ඉරිඟු අස්වැන්නෙන් රට ස්වයංපෝෂිත කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා. ඒ අනුව හෙක්ටෙයාර් 20000ක බඩ ඉරිඟු වගා කිරීමට සැලසුම් කර ඇති බවත්, එම බඩ ඉරිඟු අස්වැන්න මිලදී ගැනීමට රජය මැදිහත් වන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

දැඩි ආර්ථික පසුබෑමෙන් යළි නැගිටින්නැයි ජනපති අපනයනකරුවන්ට ආරාධනා කරයි

දැඩි ආර්ථික පසුබෑමෙන් යළි නැගිටින්නැයි ජනපති අපනයනකරුවන්ට ආරාධනා කරයි

ශක්තිමත් ආර්ථික පදනමක් නැවත ගොඩනඟා සමෘද්ධිමත් වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට ආරාධනා කළේය. සාපේක්ෂ දුර්වල තත්ත්වයක සිට වෙළෙඳපොළ කොටස අත්පත් කර ගැනීමේ අභියෝගයට අප රට මුහුණ දී සිටින බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. මෙය ජය ගැනීම සඳහා බාහිර සහය ලබා ගත යුතු බව ඔහු පෙන්වා දුන්නේය. මේ සම්බන්ධයෙන් ඔහු අවධාරණය කළේ…

මැයි මාසයේ පළමුවනදා​ට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වේවි – මහින්ද දේශප්‍රිය

මැයි මාසයේ පළමුවනදා​ට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වේවි – මහින්ද දේශප්‍රිය

පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරනු ඇති බවට බලාපොරොත්තු වන බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා. මැයි මාසයේ පළමු වනදා​ට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙනු ඇති බවයි අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේ. පළාත් පාලන පනතේ සංශෝධනය සඳහා කථානායකවරයාගේ සහතිකය ලැබීමෙන් අනතුරුව මැතිවරණය පැවැත්වීමට මැතිවරණ…

ගුවන් යානයක් බ්‍රසීලයේ නගරයකට කඩා වැටී 10 දෙනෙක් මරුට

ගුවන් යානයක් බ්‍රසීලයේ නගරයකට කඩා වැටී 10 දෙනෙක් මරුට

බ්‍රසීලයේ සාවෝ පාවුලෝ නගරයේ ජනාකීර්ණ වීථියකට සැහැල්ලු ගුවන්යානයක් කඩාවැටී අනතුරක් සිදුව තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ, මෙම යානය මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථයක් ඇතුළු රථවාහන කිහිපයක් මතට කඩාවැටී ඇති බවයි. යානය කඩාවැටීමත් සමග එම ගුවන්යානය සහ අනතුරට ලක්වූ රථවාහනද ගිනිගැනීමට ලක්ව ඇත. මෙම සැහැල්ලු ගුවන් යානයේ හිමිකරු ධනවත් නීතීඥවරයෙක් බවට තොරතුරු වාර්තා වේ.

ක්‍රිෂ් ගොඩනැගිල්ලේ අදත් ගින්නක්

ක්‍රිෂ් ගොඩනැගිල්ලේ අදත් ගින්නක්

කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි ක්‍රිෂ් ගොඩනැගිල්ලේ අද පස්වරුවේ යළිත් වතාවක් ගින්නක් හටගෙන තිබේ. එහි 24 වැනි මහලේ මෙම ගින්න හට ගෙන ඇති අතර ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ රථ 3ක් යොදා ඇති බව සඳහන් ය. මෙම ගොඩනැගිල්ලේ 35 වැනි මහළේ ද ඊයේ (06) රාත්‍රියේ ගින්නක් හටගත් අතර එය අද අලුයම මැඩ පැවැත්වීමට ගිනි නිවීමේ…

‘අරගලය’ සමයේ ගිනිගත් නිවාස සඳහා දේශපාලනඥයින්ට ලැබුණු වන්දිය හෙළිවේ

‘අරගලය’ සමයේ ගිනිගත් නිවාස සඳහා දේශපාලනඥයින්ට ලැබුණු වන්දිය හෙළිවේ

2022 වසරේ අරගල සමයේ ගිනි තබා විනාශ කළ දේපළ සම්බන්ධයෙන් රජයෙන් වන්දි ලබා ගත් බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් 43 දෙනෙකුගේ නම් මෙන්ම ඔවුන්ට ලැබුණු වන්දි මුදල් ද අමාත්‍ය නලින්ද ජයතිස්ස අද පාර්ලිමේන්තුවේදී හෙළි කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හිටපු අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් 43 දෙනෙකුට ලැබී ඇති මුළු වන්දි මුදල රුපියල් බිලියන 1.224 කි….

ජනපති සහ IMF නියෝජිතයන් අතර සාකච්ඡාවක්

ජනපති සහ IMF නියෝජිතයන් අතර සාකච්ඡාවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග එකඟ වී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ IMF දූත පිරිසක් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද (06) පවත්වා තිබෙනවා. එම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ලබාදෙන ඩොලර් බිලියන 3 ක විස්තීර්ණ ණය පහසුකම යටතේ තුන්වන සමාලෝචනයෙන් පසු කාර්යමණ්ඩල එකඟතාවට වත්මන් රජය මේ වන විටත් පැමිණ…

විද්‍යා ඝාතකයින්ගේ අභියාචනයට දින දෙයි

විද්‍යා ඝාතකයින්ගේ අභියාචනයට දින දෙයි

2015 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ පාසල් සිසුවියක වූ සිවලෝගනාදන් විද්‍යා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා විභාගකිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර ඇත. මෙම අභියාචනා ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද…

පළමු දිනය අවසානයේ ශ්‍රී ලංකාව කඩුළු 9ට ලකුණු 229යි

පළමු දිනය අවසානයේ ශ්‍රී ලංකාව කඩුළු 9ට ලකුණු 229යි

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම සදහා පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා පිල කඩුළු 9ක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 229කි. දිනය නිමාවන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටි කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් රැස්කර ගැනීම‌ට සමත් විය. ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 74කි. සිය…