හබර​ණ දිගම්පතහ රක්ෂිතයේ තිබී අලි තුන්දෙනෙකුගේ මළසිරුරු හමුවෙයි

හබර​ණ දිගම්පතහ රක්ෂිතයේ තිබී අලි තුන්දෙනෙකුගේ මළසිරුරු හමුවෙයි

හබර​ණ දිගම්පතහ රක්ෂිතයේ තිබී මියගිය වන අලි දෙදෙනෙක් සහ දළ ඉවත් කරන ලද හස්තියෙක්ගේ සිරුරු සොයාගත් බව වනජීවී දෙපාර්ත‍මේන්තුව පවසනවා. ඒ අනුව එම අලින් තිදෙනා මීට ටික කාලයට පෙර මියගොස් ඇති බවයි එසැණ කළ විමසීමකදී වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ක්‍රියාත්මක බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අත් බෝම්බ 86ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

අත් බෝම්බ 86ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

කිරිබත්ගොඩ පොලිස් වසමේ, අලුත් පාර ප්‍රදේශයේදී T-56 ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරු සමඟ සමීප සම්බන්ධතා පවත්වන ලද තවත් සැකකරුවෙක් සෙට්ටිකුලම පොලිස් වසමේ, නෙරියකුලම් ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු 22 ක් වන, නෙරියකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය සඳහන් කළේ. සැකකරුගෙන් අනාවරණය කරගත් තොරතුරු…

සමාජීය වගකීමක් සහිත පුද්ගලයින් නව අධ්‍යාපන ක්‍රමය තුළින් බිහි කිරීමට උත්සාහ කරනවා – අගමැතිනිය

සමාජීය වගකීමක් සහිත පුද්ගලයින් නව අධ්‍යාපන ක්‍රමය තුළින් බිහි කිරීමට උත්සාහ කරනවා – අගමැතිනිය

සමාජීය වගකීමක් සහිත පුද්ගලයින් නව අධ්‍යාපන ක්‍රමය තුළින් බිහි කිරීමට උත්සාහ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඒ අනුව පරිසරයට, සමාජයට, එකිනෙකාට ආදරය කරන ව්‍යවසායකයින් රටට අවශ්‍ය බවත්, ඒ හේතුවෙන් යෝජනා කරන ප්‍රතිසංස්කරණ තුළ එකම විෂයකට කොටු නොවුණු, සෑම විෂය සම්ප්‍රදායක් තුළින්ම ලබාගත හැකි දැනුම ලබාගෙන පරිපූර්ණ අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමට යෝජනා කර ඇති…

භාෂාවක නොදැනුවත්කම කියන්නේ රටක් කරන්න බැහැ කියන එක නෙවෙයි – ඩයනා ගමගේ

භාෂාවක නොදැනුවත්කම කියන්නේ රටක් කරන්න බැහැ කියන එක නෙවෙයි – ඩයනා ගමගේ

විපක්ෂයෙන් නිවැරදි කාර්යභාරයක් ඉටුවන ආකාරයක් දක්නට නොලැබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ පවසනවා. ඒ අනුව, ගියවර පාර්ලිමේන්තුවේදී මෙන් කෑගසා, පාර්ලිමේන්තුවේ කාලය කා දැමීම පමණක් ඔවුන් සිදු කරන බවත්, විපක්ෂයක් යනු ඒ ආකාරයෙන් කටයුතු කරන්නක් නොවන බවයි අද (17) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරිය සඳහන් කළේ. විපක්ෂය විසින් සිදු කළ යුත්තේ රටේ තිබෙන ප්‍රධාන…

චෝදනාවට ලක්වූ වෘත්තීය සමිති 59ක් අවලංගු කරයි

චෝදනාවට ලක්වූ වෘත්තීය සමිති 59ක් අවලංගු කරයි

වෘත්තීය සමිති 59ක් විවිධ චෝදනා හේතුවෙන් පසුගිය කාලයේදී අවලංගු කර ඇතැයි කම්කරු දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. සෑම වෘත්තීය සමිතියක්ම වෘත්තීය සමිති ආඥා පනත අනුව කම්කරු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති රෙජිස්ටාර් යටතේ ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. මේ අනුව ඉකුත් 2023 වර්ෂයේදී පමණක් වෘත්තිය සමිති 128ක් ලියාපදිංචි කර ඇත. රටේ දැනට වලංගු මුළු වෘත්තිය සමිති සංඛ්‍යාව 2122කි….

කැනඩාවේ මහජන ආරක්ෂක ඇමති ගැරී ආනන්දසංගරීට LTTEයට සහාය දුන් බවට චෝදනාවක්

කැනඩාවේ මහජන ආරක්ෂක ඇමති ගැරී ආනන්දසංගරීට LTTEයට සහාය දුන් බවට චෝදනාවක්

එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට පුරවැසිභාවය ලබාගැනීම සඳහා සහාය පළකර ඇති බවට ශ්‍රී ලංකා සම්භවයක් සහිත කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී මහතාට චෝදනා එල්ල වී තිබේ. විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ශ්‍රී ලාංකිකයෙකු වන සෙන්තුරන් සෙල්වකුමාර් නැමති හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට කැනඩාවේ පුරවැසිභාවය ලබා දීමට සහය පළ කිරීම සඳහා ගැරී ආනන්දසංගරී මහතා විසින් ලිපි දෙකක් යොමු කර ඇති බවය….

2026 සඳහා පූර්ව අයවැය සාකච්ඡා ඇරඹේ‍

2026 සඳහා පූර්ව අයවැය සාකච්ඡා ඇරඹේ‍

2026 අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට අදාළ පූර්ව අයවැය සැලසුම සහ සංවර්ධන දිශානතිය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් 16දා පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත් වුණා. ඒ අනුව, ඉදිරි අයවැය සකස් කිරීම සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ගෙන් විමසන ලද අතර, මේ වන විට අයවැය යෝජනා කැඳවීමේ චක්‍රලේඛය…

2030දී ඩිජිටල් ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට ජනාධිපතිගෙන් උපදෙස්

2030දී ඩිජිටල් ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඩිජිටල්කරණයට ජනාධිපතිගෙන් උපදෙස්

වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික උපාය මාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) සවිමත් කිරීමේ සහ ඩිජිටල්කරණයෙහි අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කර තිබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය යන ආයතනවල නියෝජිතයන් සමඟ ජනාධිපති කාර්යාලයේදී අද (08) පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර…

දුෂ්කර ප්‍රදේශවලට වැඩි මුල්‍ය පහසුකම් ලබා දෙමින් යටිතල පහසුකම් දියුණුකරන්න අවශ්‍යයි

දුෂ්කර ප්‍රදේශවලට වැඩි මුල්‍ය පහසුකම් ලබා දෙමින් යටිතල පහසුකම් දියුණුකරන්න අවශ්‍යයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පාසල් තුළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේදී දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දෙමින් පාසල් දියුණු කිරීමට අවශ්‍ය බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ පලාත් සහ කලාප මට්ටමින් ලැබිය යුතු දායකත්වය පිළිබඳ ආණ්ඩුකාරවරුන් සහ පළාත් ලේකම්වරුන් දැනුවත්…

ට්‍රම්ප් එක්ක ගැටෙමින්ඊලොන් හදන අලුත් පක්ෂයටදුර යන්න හැකි වෙයිද?
|

ට්‍රම්ප් එක්ක ගැටෙමින්ඊලොන් හදන අලුත් පක්ෂයටදුර යන්න හැකි වෙයිද?

ලෝකයේ ධනවත්ම මිනිසා වන ඊලොන් මස්ක් දේශපාලන පක්ෂයක් ඇරැඹීමට යන පුවත දින කිහිපයකට පෙර අසන්නට ලැබිණි. සල්ලි මත කරණම් ගසන දේශපාලන ලෝකය මේ ධනවත්ම මිනිසාගේ දේශපාලන ප්‍රවේශයෙන් පසු කුමන මුහුණුවරක් ගනු ඇත්දැයි කාටත් ඇත්තේ කුකුසකි. මෙම සිදුවීම වන්නේද ලෝකයටම බලපෑම් කළ හැකි තරමට බලවත් රටක් වන ඇමරිකාවේය. මේ වන විට ඩිජිටල් සහ අන්තර්ජාල මත පදනම්…