Operation Sindoor දියත් කළ බව ඉන්දීය රජය නිවේදනය කරයි

Operation Sindoor දියත් කළ බව ඉන්දීය රජය නිවේදනය කරයි

“Sindoor මෙහෙයුම” දියත් කළ බව ඉන්දීය රජය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව පකිස්ථානයේ සහ පකිස්ථාන පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සිදුකරන ස්ථාන ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර දියත් කරන බවයි ඉන්දීය රජය ප්‍රකාශ කර තිබෙන්නේ. ස්ථාන නවයක් ඉලක්ක කරගෙන ප්‍රහාර දියත් කළ බවත් කිසිදු පකිස්ථාන හමුදා ඉලක්කර ගැනීමක් සිදුකර නොමැති බවත් ඉලක්ක…

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ආරම්භ කෙරේ

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ආරම්භ කෙරේ

පළාත් පාලන ඡන්ද විමසීම සඳහා වන විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ අද (05) උදෑසන ආරම්භ කර තිබෙනවා. ඒ අනුව දිවයින පුරා ජංගම මුර සංචාර 3216ක් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ. ආරක්ෂාව සඳහා යොදවා ඇති සමස්ත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 65,000 ක් බවත්, අවශ්‍යතාව පරිදි යුද හමුදා සාමාජිකයින්ගේ සහාය ද ඒ සඳහා…

ට්‍රම්ප් විදෙස් චිත්‍රපට සඳහා 100% ක තීරු බද්දක් පනවයි

ට්‍රම්ප් විදෙස් චිත්‍රපට සඳහා 100% ක තීරු බද්දක් පනවයි

විදෙස් රටවල නිෂ්පාදනය කරන ලද චිත්‍රපට සඳහා 100% ක තීරු බද්දක් පැනවීමට කටයුතු කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. අමෙරිකාවේ චිත්‍රපට කර්මාන්තය ඉතා වේගයෙන් කඩා වැටෙමින් පවතින බැවින්, මෙම තීරු බද්ද පැනවීම සඳහා එක්සත් ජනපද වෙළඳ නියෝජිතයාට බලය පවරන බවට ‍අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. යලිත් අමෙරිකාවේ චිත්‍රපට නිෂ්පාදනය…

ඩෙංගු යලි හිස ඔසවයි
|

ඩෙංගු යලි හිස ඔසවයි

මේ වනවිට පැතිර යමින් පවතින ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කාර්යසාධක බළකායක් පත්කර ඇති බව බස්නාහිර පළාත් සභා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් එල්.ඒ. කළුකපුආරච්චි පවසනවා‍. වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාවෙන් 50%කට අධික පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා බව බවයි ඔහු පවසා සිටින්නේ. එසේම, මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 17,000ක පිරිසක් වාර්තා…

ජනපති අද රාත්‍රියේ වියට්නාමයට

ජනාධිපති අනුර කුමාර දිසානායක අද (03) රාත්‍රියේ වියට්නාමය බලා පිටත්ව යෑමට නියමිතයි. වියට්නාම් ජනාධිපති Luong Cuong ගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මැයි 04 සිට 06 දක්වා මෙ​ම වියට්නාමයේ රාජ්‍ය සංචාර​යේ නිරත වනවා. මෙම සංචාරයේදී රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පැවැත්වීම, එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයට සහභාගී වීම හා අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීම ආදී කටයුතු…

සිදුකළ අපරාධවල, වංචාවල ප්‍රමාණය ඔවුන් දන්නා තරමටම අපි කවුද කියලත් ඔවුන් දන්නවා – ජනපති

සිදුකළ අපරාධවල, වංචාවල ප්‍රමාණය ඔවුන් දන්නා තරමටම අපි කවුද කියලත් ඔවුන් දන්නවා – ජනපති

රට ගොඩනැගීමේ ව්‍යායාමය සාර්ථක කර ගැනීම සඳහා එක්වන ලෙස මෙරට වෘත්තීය සමිති ව්‍යාපාරයට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. අද පළමු වතාවට බලය ලබාගනිමින් රට ගොඩනැගීම සඳහා ජනතාව පෙළගැස්සවීම සඳහා මෙවර මැයි දින රැළිය පවත්වන බවත් අපේ පරම්පරාවට වඩා අනාගත පරම්පරාවට හොඳ රටක් සාදා දීමට සියලු දෙනා පොර බඳිමු ලෙසයි අද (01) ගාලුමුවදොර…

ට්‍රම්ප්ගේ ආරක්ෂක උපදේශක ඉවත්වීමට තීරණය කරයි

ට්‍රම්ප්ගේ ආරක්ෂක උපදේශක ඉවත්වීමට තීරණය කරයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂක උපදේශක Mike Waltz සිය තනතුරෙන් ඉවත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. යේමනයේ ඉන්ධන ගබඩා සංකීර්ණයකට අමෙරිකානු හමුදා එල්ලකළ ප්‍රහාර සැලසුම පිළිබඳ සඳහන් කර තිබූ පණිවුඩ හුවමාරු යෙදවුමක් වන Signal සමූහයක් (Group) වෙත මාධ්‍යවේදියෙකු වැරදීමකින් එක්කිරීම හේතුවෙන් ඔහු මෙලෙස සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවයි සඳහන් වෙන්නේ….

දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි අපේක්ෂා කෙරේ

දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි අපේක්ෂා කෙරේ

උතුරු අර්ධගෝලයේ සහ දකුණු අර්ධගෝලයේ සිට හමන සුළං අභිසාරී වන අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපාන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, දිවයිනේ බොහෝ ස්ථානවල අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය. දකුණු සහ බටහිර පළාත්වල සහ පුත්තලම, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල…

පානදුරේ වෙඩි තැබීමක්

පානදුරේ වෙඩි තැබීමක්

පානදුර, හිරණ ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් 35 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ. හිරණ ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ටී -56 ගිනි අවියක් භාවිතා කරමින් වෙඩි තැබීම සිදු කර ඇති බව පොලිසිය පවසයි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා හිරණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මි.මී. 100 ක පමණ තද වැසි

මි.මී. 100 ක පමණ තද වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන පරිදි අද දිනයේ කාලගුණය මෙසේය. අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ වයඹ පළාත්වලත් මන්නාරම, යාපනය,…