අපේ පාලන කාලය තුළ උතුරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සාදා ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කරනවා – ජනපති

අපේ පාලන කාලය තුළ උතුරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සාදා ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කරනවා – ජනපති

රට යළි බෙදීමට හෝ ගැටුම් ඇති කිරීමට කිසිඳු ඉඩක් ලබා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. රාජ්‍ය සේවයට අලුතින් 30,000 ක් බඳවා ගැනීමට සැලසුම් කර ඇති බවත් එයින් අලුතින් ගන්නා 2000 තුළින් 500 ක දෙමළ කතා කරන පිරිසක් පොලිස් සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බවයි මන්නාරම ප්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළා….

සරසවි ප්‍රවේශයට 64.43%ක් සුදුසුකම් ලබයි

සරසවි ප්‍රවේශයට 64.43%ක් සුදුසුකම් ලබයි

2024 උසස් පෙළ ප්‍රතිපල අනුව මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 177,588 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව එය සමස්ත ප්‍රමාණයෙන් 64.43%ක් වන අතර මේ සඳහා පාසල් අයදුම්කරුවන් 149,964ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 27,624ක් ද ඇතුළත් වන බවයි සඳහන් වෙන්නේ. මේ අතර සියලුම පාසල් හා පෞද්ගලික අයදුම්කරුවන් හට සිය ප්‍රතිඵල සටහන් බාගත කිරීම…

ඉරානයේ ප්‍රධාන වරායක සිදුවූ දැවැන්ත පිපිරීමකින් 14 දෙනෙකු මිය ගොස් 750 කට වැඩි පිරිසක් තුවාල ලබයි.

ඉරානයේ ප්‍රධාන වරායක සිදුවූ දැවැන්ත පිපිරීමකින් 14 දෙනෙකු මිය ගොස් 750 කට වැඩි පිරිසක් තුවාල ලබයි.

BBC – ඉරානයේ ප්‍රධාන වරායක සිදුවූ දැවැන්ත පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් 750 දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීන් පවසයි. සෙනසුරාදා උදෑසන දකුණු දිග බන්ඩාර් අබ්බාස් නගරය අසල රටේ විශාලතම වාණිජ වරාය වන ෂාහිඩ් රාජී හි පිපිරීම සිදුවිය. එය අසල ගොඩනැගිලිවල ජනේල සහ වහලවල් පුපුරා ගොස් මෝටර් රථ විනාශ කළේය. පිපිරීමේ බලපෑම…

සිරි දළදා වන්දනාවේ අවසන් දිනය අදයි

සිරි දළදා වන්දනාවේ අවසන් දිනය අදයි

ශ්‍රී දළදා වහන්සේ සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව දෙස් විදෙස් ජනතාවට උදාකරන ‘සිරි දළදා වන්දනාව’ වේ අවසන් දිනය අදට (27) දිනට යෙදී තිබේ. ඒ අනුව අද පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා දළඳා වන්දනාව සඳහා සැදැහැවතුන්ට අවස්ථාව හිමිවනු ඇත. සෙංකඩගල රාජධානියේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ වැඩවෙසෙමින් ලෝ වාසී බෞද්ධයන්ගේ ගරු බුහුමන් ලබන ශ්‍රී දළදා වහන්සේ සියැසින්…

ශ්‍රී ලංකා-ඉන්දියා-ද.අප්‍රිකා ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි

ශ්‍රී ලංකා-ඉන්දියා-ද.අප්‍රිකා ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි

සත්කාරක ශ්‍රී ලංකා, ඉන්දියා සහ දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වෙයි. තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතරයි. කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අද තරගය පෙරවරු 10.00ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. සෑම කණ්ඩායමක්ම මූලික වටයේදී තරග 4 බැගින් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. අනතුරුව ප්‍රසාද…

මහනුවර පිරිසිදු කළ කම්කරුවන්ට දළදා වහන්සේ වැඳගැනීමට විශේෂ අවස්ථාවක්

මහනුවර පිරිසිදු කළ කම්කරුවන්ට දළදා වහන්සේ වැඳගැනීමට විශේෂ අවස්ථාවක්

සිරි දළඳා වන්දනාවට පිරිසිදු කිරීම හරහා සහයෝගය දැක්වූ නගර සභා සහ පළාත් පාලන ආයතනවල කම්කරුවන්ට දළදා වහන්සේ වැඳපුදා ගැනීම සඳහා අද (27) අවස්ථාව ලබාදී ඇති බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ පවසනවා. ඒ අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල‍ගෙන් සිදුකළ ඉල්ලීමක් අනුව පසුගිය දිනවලද කම්කරුවන්ට දළදා වහන්සේ වැඳ පුදා…

අද කාලගුණ නිවේදනය

අද කාලගුණ නිවේදනය

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර පළාතේත් පුත්තලම, මන්නාරම, යාපනය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන…

ලොව පළමුවරට මානවරූපී රොබෝවරුන්ගේ මැරතන් තරගයක්

ලොව පළමුවරට මානවරූපී රොබෝවරුන්ගේ මැරතන් තරගයක්

මානවරූපී රොබෝවරුන් එක්වූ ලොව පළමු අර්ධ මැරතන් ධාවන තරගය චීනයේ බීජිං නුවරදී අද (19) පවත්වා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිනිස් ධාවකයන් සමඟ මෙම තරගයට රොබෝවරු 21ක් තරගවැද ඇති බවයි. මෙම අර්ධ මැරතන් ධාවන තරගය මානවරූපී රොබෝවරුන්ගේ විශ්වසනීයත්වය, කල්පැවැත්ම සහ ආරක්ෂාව වැනි පුළුල් හැකියා සඳහා සිදු කළ පරීක්ෂණයක් ලෙස විදෙස් වාර්තා පෙන්වා දී තිබේ.

නව නීති සකස් කර හෝ ජාතිවාදය පරාජය කරනවා

නව නීති සකස් කර හෝ ජාතිවාදය පරාජය කරනවා

ජාතිවාදය පරාය කිරීමට පවතින නීති ප්‍රමාණවත් නොවන්නේ නම් නව නීති සකස් කර හෝ මෙරට තුළ ජාතිවාදී දේශපාලනයකට ඉඩ නොතබන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරන බවත් සෑම කෙනෙකුටම තමන් කැමති දේශපාලනයක නිරත වීමේ අයිතියට ගරු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. තලවකැලේ ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක් වෙමින් ජනාධිපති…

සිරි දළදා වන්දනාවේ එන සැදැහැවතුන්ට විශේෂ දැනුම්දීමක්

සිරි දළදා වන්දනාවේ එන සැදැහැවතුන්ට විශේෂ දැනුම්දීමක්

සිරි දළදා වන්දනාව’ සඳහා පැමිණිමේදී විශාල ප්‍රමාණයේ ගමන් මළු රැගෙන ඒමෙන් වළකින ලෙස යුද්ධ හමුදා මුලස්ථානය සැදැහැවතුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. පෙර දැනුම්දීම් සිදුකළ ද ඒ පිලිබඳව නිසි අවධානයක් යොමුව නොමැති බවට නිරික්ෂණය වන බව ඔවුන් සඳහන් කළේය. සිරි දළදා වන්දනාව වෙනුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සහ නවාතැන් පහසුකම් සැපයීම යන කරුණු පිළිබඳව සැලකිල්ලට…