විද්‍යුත් බෝට්ටු යොදවා බේරේ වැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් ඇරඹේ

විද්‍යුත් බෝට්ටු යොදවා බේරේ වැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් ඇරඹේ

විද්‍යුත් බෝට්ටු යොදවා බේරේ වැවේ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය පවසනවා. එම වැඩපිළිවෙළ අනුව, සූර්ය බලයෙන් ක්‍රියාත්මක විද්‍යුත් බෝට්ටු යොදවා, දිනකට කිලෝග්‍රෑම් 3000 ක් පමණ අපද්‍රව්‍ය ඉවත් කෙරෙන බවයි එම ඒකකය සඳහන් කර සිටියේ. නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර ඇති මෙම වැඩපිළිවෙළ සඳහා ඉදිරියේදී බෝට්ටු 04ක් යෙදවීමට…

මෙරටට පිටුවහල් කළ බැකෝ සමන්ගේ බිරිඳ CID භාරයට

මෙරටට පිටුවහල් කළ බැකෝ සමන්ගේ බිරිඳ CID භාරයට

පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයින් අතර සිටි ‘බැකෝ සමන්’ නමැත්තාගේ බිරිඳ කටුනායක ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන් තොටුපල ඒකකය විසින් සිය භාරයට ගෙන තිබෙනවා. බරපතළ අපරාධ චෝදනා එල්ල වී නොමැති බැවින් බැකෝ සමන්ගේ බිරිඳ සහ දරුවා ඉන්දුනීසියාවෙන් පිටුවහල් කර ඇති අතර, පසුව ඊයේ (29) පස්වරුවේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට පැමිණි…

සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන වන සංස්කෘතියක් ගොඩනැගීමට කටයුතු කරනවා – ජනපති

සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන වන සංස්කෘතියක් ගොඩනැගීමට කටයුතු කරනවා – ජනපති

සියලු දෙනා නීතිය ඉදිරියේ සමාන විය යුතු බවත්, එවැනි සංස්කෘතියක් සිය රජය විසින් ස්ථාපිත කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ අනුව, ධනය, බලය, තනතුරු, ඉතිහාසය, විරාජමානව බලය හෙබවීම, කිසිවක් අදාළ නොවන බවත්, නීතිය ඉදිරියේ සෑම දෙනාම සමාන විය යුතු බවත් අද (26) කොළඹදී පැවති ජාතික භික්ෂු දින සැමරුම් උත්සව අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිවරයා…

රනිල් බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරේ

රනිල් බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරේ

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ. වෛද්‍ය උපදෙස් අනුව ඒ මහතාව මෙසේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා සඳහන් කළේ. ඊයේ (22) රාත්‍රී 10.00 ට පමණ ලබාදුන් අධිකරණ නියෝගයෙන් අනතුරුව වික්‍රමසිංහ මහතාව වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගිය අතර එහිදී වෛද්‍යවරුන් දෙදෙනෙකු විසින් පරීක්ෂා…

රනිල් වැලිකඩ බන්ධනාගාරයට

රනිල් වැලිකඩ බන්ධනාගාරයට

රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙනවිත් තිබෙනවා. දැඩි ආරක්ෂාවක් මැද හිටපු ජනාධිපතිවරයාව මෙලෙස වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇති බවයි වාර්තා වන්නේ.

හිටපු ජනපති රනිල් අත්අඩංගුවට

හිටපු ජනපති රනිල් අත්අඩංගුවට

ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇත. ලන්ඩනයට යාම සම්බන්ධයෙන් රජයේ මුදල් භාවිත කිරීම පිළිබඳව කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් දීමෙන් පසුව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ලක් ලුණු මිල පහළට

ලක් ලුණු මිල පහළට

ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු මිල ගණන් පහළ දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අයඩින් මිශ්‍ර ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක මිල රුපියල් 20 කින් ද, කිලෝග්‍රෑම් 01 ලුණු කුඩු පැකට්ටුවක මිල රුපියල් 30 කින් ද පහළ දමා ඇති බවයි සඳහන් වන්නේ. ඒ අනුව, ග්‍රෑම් 400 ලුණු කුඩු පැකට්ටුවක් රුපියල් 100 කට…

රනිල් සිකුරාදා CID එකට

රනිල් සිකුරාදා CID එකට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා. ඒ, රජයේ මුදල් යොදාගෙන සිදුකළැයි කියන පෞද්ගලික විදෙස් සංචාරයක් පිළිබඳව කෙරෙන විමර්ශනයට අදාළවයි. 2023 වසරේ සැප්තැම්බර් 22 සහ 23 යන දිනවල එම සංචාරය සිදුකර ඇති අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග 10 දෙනෙකු සංචාරයට සහභාගිවී ඇතැයි සඳහන්. සිද්ධීය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට…

GMOA දීප ව්‍යාප්ත වර්ජනය අත්හිටුවයි

GMOA දීප ව්‍යාප්ත වර්ජනය අත්හිටුවයි

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (11) සිට ක්‍රියාත්මක කිරීමට තිබූ දීප ව්‍යාප්ත වර්ජනයක අත්හිටුවා තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව, සෞඛ්‍ය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවේ දී එළඹි එකඟතාවයන්ට ලැබුණු ධනාත්මක සහ සාධනීය ප්‍රතිචාර සලකා බලමින්, අද උදෑසන ආරම්භ කිරීමට නියමිතව තිබූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ…

සාමාන්‍ය පෙළ – උසස් පෙළ විභාග දින නියම වේ

සාමාන්‍ය පෙළ – උසස් පෙළ විභාග දින නියම වේ

2025 වසරට අදාළ වන උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා දින නියම කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව 2025 අ.පො.ස උසස් පෙළ විභාගය එළැඹෙන නොවැම්බර් මස 10 ආරම්භ වී දෙසැම්බර් මස 5 වැනි දින අවසන් වන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි පවසයි. එසේ ම මෙම වසරට අදාළ සාමාන්‍ය පෙළ විභාගය 2026…