වෛද්‍ය වර්ජනය අත්හිටුවීමට තීරණය කෙරේ

වෛද්‍ය වර්ජනය අත්හිටුවීමට තීරණය කෙරේ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (05) දීප ව්‍යාප්තව ආරම්භ කිරීමට නියමිතව තිබූ සංකේත වැඩ වර්ජනය අත්හිටුවීමට එම සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. හෙට පැවැත්වීමට නියමිතව තිබූ වැඩවර්ජනය අයවැය තෙවනවර කියවීමේ අවසන් දිනය වන මාර්තු…

ශ්‍රී ලංකාවේ අනාගතය ඉදිරියේදී සුබදායක වේවි – IMF

ශ්‍රී ලංකාවේ අනාගතය ඉදිරියේදී සුබදායක වේවි – IMF

ශ්‍රී ලංකාවේ අනාගතය ඉදිරියේදී සුබදායි වනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් පවසනවා. ඒ අනුව පසුගිය අර්බුද සමයේ ශ්‍රී ලංකාවෙන් පිටව ගිය පිරිස නැවතත් ඉදිරි කාලයේ දී මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි අද (04) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධ තෙවන සමාලෝචනය අවසන් කිරීමෙන් පසුව පැවති මාධ්‍ය…

ඇමරිකාවේ රාජ්‍ය භාෂාව ලෙස ඉංග්‍රීසි නම් කරයි

ඇමරිකාවේ රාජ්‍ය භාෂාව ලෙස ඉංග්‍රීසි නම් කරයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ රාජ්‍ය භාෂාව බවට ඉංග්‍රීසි පත්කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ සම්බන්ධයෙන් වූ විධායක නියෝගයකට අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඉංග්‍රීසි භාෂාව ඇමරිකාවේ රාජ්‍ය භාෂාව ලෙස ස්ථාපිත කිරීම හරහා සන්නිවේදනය විධිමත් කිරීම, ජාතික වටිනාකම් ශක්තිමත් කිරීම සහ ඒකාබද්ධ සහ කාර්යක්ෂම සමාජයක් නිර්මාණය කිරීම මෙහි ප්‍රධාන අරමුණ…

2025 සංචාරක පැමිණීම් ලක්ෂ 05ට ආසන්න වෙයි

2025 සංචාරක පැමිණීම් ලක්ෂ 05ට ආසන්න වෙයි

2025 වසරේ මුල් මාස දෙක තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 485,102ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව පෙබරවාරි මාසයේ පළමු දින 27 තුළ පමණක් 232,341ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ. මෙම කාල සීමාව තුළදී ඉන්දියාව, රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය යන රටවල්වලින් වැඩිම සංචාරකයින් පිරිසක්…

අලුතෙන් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම අද සිට

අලුතෙන් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම අද සිට

මේ වසර (2025) සඳහා ලියාපදිංචි කිරීමට සුදුසුකම් ඇති ක්‍රියාකාරී දේශපාලන පක්ෂවලින් අයැදුම්පත් කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු යොදා ඇත. ඒ අනුව, අදාළ අයැදුම්පත් 28 වැනිදා සිට මාර්තු මස 28 වැනිදා තෙක් භාර ගැනීමට කටයුතු යොදා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කරයි. අදාළ අයැදුම්පත් මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය…

දිවයිනේ සමහර ප්‍රදේශවලට තද වැසි අපේක්ෂා කෙරේ

දිවයිනේ සමහර ප්‍රදේශවලට තද වැසි අපේක්ෂා කෙරේ

අද (28) උතුරු, උතුරු-මැද, නැගෙනහිර, දකුණු සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී සෙසු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. මේ අතර, ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර, මාතලේ,…

‘මග නැඟුම’ හිටපු ඉහළ නිලධාරීන් දෙදෙනෙක් තවදුරටත් රිමාන්ඩ්

‘මග නැඟුම’ හිටපු ඉහළ නිලධාරීන් දෙදෙනෙක් තවදුරටත් රිමාන්ඩ්

‘මග නැඟුම’ සමාගමේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණයේ සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි හිටපු නිලධාරීන් දෙදෙනකු මාර්තු 3 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (27) නියෝග කළේය. මග නැගුම හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අබේසිංහ අදිකාරි සහ හිටපු අතිරේක සාමාන්‍යාධිකාරී (මුදල්) අනගි පුරගේ මයිකල් යන සැකකරුවන් දෙදෙනා පොලිස් මූල්‍ය අපරාධ…

කොටස් වෙළඳපොළ මිල දර්ශකය ඉහළට

කොටස් වෙළඳපොළ මිල දර්ශකය ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (27) ඒකක 63.93කින් සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව අද දිනය අවසානයේ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 16,408.94ක් ලෙසයි. එය 0.39%ක වැඩිවීමක් බවට වාර්තා වේ. එමෙන්ම අද පිරිවැටුම රුපියල් බිලියන 1.2ක් ලෙස සටහන් වී තිබේ.

වරාය සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ජපන් ආයෝජන

වරාය සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ජපන් ආයෝජන

ශ්‍රී ලංකාව තුළ වරාය ආශ්‍රිත ව්‍යාපෘති සහ ඩිජිටල්කරණ ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමට ජපාන රජය එකඟතාව පළ කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමතා අකියෝ (Isomata Akio) අතර ජනාධිපති කාර්යාලයේදී අද (27) පැවැති හමුවේදී මෙම එකගතාව පළ කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. ජපාන රජය මෑතකදී ආරම්භ කළ ආරක්ෂක සහයෝගීතා…

හිටපු ජනපති රනිල් අද ඉන්දියාවට

හිටපු ජනපති රනිල් අද ඉන්දියාවට

සුවිශේෂී ගෝලීය සිදුවීම් සම්බන්ධයෙන් වන දේශනයක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (27) ඉන්දියාවට පිටත්ව යාමට නියමිතව තිබෙනවා. රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහභාගීත්වයෙන් නව දිල්ලි නුවර භාරත මණ්ඩපයේදී සිකුරාදා (28) දින එම දේශනය පැවැත්වීමට නියමිත බවයි සඳහන් වෙන්නේ. මෙම ඉන්දීය සංචාරයේදී රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර හමුවක්ද පැවැත්වීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.