ට්‍රම්ප්ගේ ගෝලීය තීරුබදු බොහොමයක් නීති විරෝධී බව ඇමරිකානු අභියාචනාධිකරණය තීන්දු කරයි

ට්‍රම්ප්ගේ ගෝලීය තීරුබදු බොහොමයක් නීති විරෝධී බව ඇමරිකානු අභියාචනාධිකරණය තීන්දු කරයි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විවිධ රටවල් වෙනුවෙන් පනවන ලද තීරුබදු බොහොමයක් නීති විරෝධී බවත්, ජනාධිපති බලතල ඉක්මවා ගොස් ඇති බවත්, එක්සත් ජනපද අභියාචනාධිකරණයක් තීන්දු කර තිබේ. වෙළඳ අසමතුලිතතාවයක් එක්සත් ජනපද ජාතික ආරක්ෂාවට හානිකර බව තර්ක කරමින් ට්‍රම්ප් වෙළඳාම සඳහා ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබුමුත්, එනමුත් අධිකරණය තීන්දු කළේ තීරුබදු පැනවීම ජනාධිපතිවරයාගේ…

ඉන්දුනීසියාවේ ජකර්තාව කැළඹෙයි: විරෝධතා ප්‍රචණ්ඩ වෙයි !

ඉන්දුනීසියාවේ ජකර්තාව කැළඹෙයි: විරෝධතා ප්‍රචණ්ඩ වෙයි !

ඉන්දුනීසියාවේ අගනුවර වන ජකර්තා නගරය ඇතුළු ප්‍රධාන නගර කිහිපයක පසුගිය දින කිහිපයේ සිට විරෝධතා උත්සන්න වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි අධික දීමනා, පොලිස් ප්‍රචණ්ඩත්වය සහ ආර්ථික අසමානතා හේතුවෙන් මෙම විරෝධතා මාලාව ආරම්භ වී ඇත. පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ මූලික වැටුපට අමතරව අධික මාසික නිවාස දීමනා ලැබෙන බවට හෙළිවීමත්…

හයිටි රාජ්‍යයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට

හයිටි රාජ්‍යයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට

අපරාධ කල්ලි සිදුකරන ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාම හේතුවෙන් හයිටි රජය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. එම හදිසි තත්ත්වයක් මාස තුනක කාලයක් සඳහා එය බලපැවැත්වෙන බවයි එරට රජය නිවේදනය කර ඇත්තේ රට පුරා සන්නද්ධ කල්ලි සිදුකරන ප්‍රහාරයන් අඛණ්ඩව ඉහළ යාම හේතුවෙන් පවත්නා අනාරක්ෂිතභාවයට එරෙහිව සටන් කිරීමට මෙම පියවර ගත් බවයි රජය තවදුරටත් සඳහන් කර සිටින්නේ. මේ…

ජපානය එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 550 ක් ආයෝජනය කරන විට ට්‍රම්ප් තීරුබදු 15% දක්වා අඩු කරයි

ජපානය එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 550 ක් ආයෝජනය කරන විට ට්‍රම්ප් තීරුබදු 15% දක්වා අඩු කරයි

මාස ගණනාවක් තිස්සේ පැවති දැඩි සාකච්ඡාවට ගණනාවකින් අනතුරුව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ජපාන අපනයන සඳහා 15%ක තිරුබදු අඩු කිරීමක් නිවේදනය කර තිබේ. ඊයේ(22)දිනයේදී අත්සන් කරන ලද මෙම නව වෙළඳ ගිවිසුමට අනුව එක්සත් ජනපදය ජපාන අපනයන සඳහා සියයට 15 ක තීරු බදු අවම කිරීමට සාපේක්ෂව ජපානය එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 550 ක් ආයෝජනය කිරීමට…

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම : ගැටුම ඉක්මනින් පාලනයෙන් මිදීමේ අවදානමක් ඇති බවට UN අනතුරු අඟවයි

ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම : ගැටුම ඉක්මනින් පාලනයෙන් මිදීමේ අවදානමක් ඇති බවට UN අනතුරු අඟවයි

ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමඟ දෙරට අතර යුධමය තත්ත්වයක් ඇතිවූ අතර, මේ වන විට එය තීරණාත්මක ස්ථානයකට පැමිණ තිබෙනවා. එහි නවතම තත්ත්වය : 11.15 AM

Air India ගුවන් යානයක් තාක්ෂණික දෝෂයක් නිසා නැවත හරවයි

Air India ගුවන් යානයක් තාක්ෂණික දෝෂයක් නිසා නැවත හරවයි

හොංකොං සිට නවදිල්ලිය බලා ගමන් ආරම්භ කළ Air India ගුවන්යානයක තාක්ෂණික දෝෂයක් ඇතිව ඇති බවට සැකයක් හේතුවෙන් යළි හොංකොං බලා පැමිණ ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. Air India ගුවන් සේවයට අයත් බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් ගුවන්යානයක් මෙලෙස හරවා ඇති අතර මෙම ගුවන්යානයේ තාක්ෂණික දෝෂයක් ඇති බවට නියමුවාට සැකයක් ඇතිවීම හේතුවෙන් අරක්ෂිත පියවරක් ලෙස මෙම පියවර…

ඉන්දියාවේ කොවිඩ් රෝගීන් වැඩි වීමක්

ඉන්දියාවේ කොවිඩ් රෝගීන් වැඩි වීමක්

ලොව පුරා නැවත පැතිරෙමින් පවතින නව කොවිඩ් වෛරසය හමුවේ ඉන්දියාවේ රෝගීන් 1,009ක් මේ වන විට වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉන්දියාවේ අගනුවර වන දිල්ලි හී අවම වශයෙන් රෝගීන් 104ක් සිටින බවත් ඉන් 99 දෙනෙකු පසුගිය සතිය තුළ වාර්තා වී ඇති බවය. කේරළය, මහාරාෂ්ට්‍ර සහ දිල්ලි ඇතුළු…

ලොවම කළඹමින් ට්‍රම්ප්, සිරියානු අන්තර්වාර පාලකයා හමුවෙයි

ලොවම කළඹමින් ට්‍රම්ප්, සිරියානු අන්තර්වාර පාලකයා හමුවෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිරියාවේ අන්තර්වාර ජනාධිපති අහමඩ් අල් ෂාරා හමුවී තිබෙනවා.  ඒ, සිය සෞදි අරාබි සංචාරය අතරතුරයි. මෙම හමුව සිදුව ඇත්තේ අමෙරිකාව සිරියාවට පනවා තිබූ දැඩි සම්බාධක ඉවත් කර දිනකට පසුව වීම විශේෂත්වයක්.  සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ ඉල්ලීමකට අනුව රියාද් හිදි එම හමුව සිදුව තිබෙනවා.  මෙම සිදුවීම බටහිර මෙන්ම යුරෝපය…

ඉන්දීය පුරවැසියන් ආරක්ෂා කරන්න ඕනෑම පියවරක් ගන්නවා – මෝදි

ඉන්දීය පුරවැසියන් ආරක්ෂා කරන්න ඕනෑම පියවරක් ගන්නවා – මෝදි

ඕනෑම තර්ජනයකින් ඉන්දියාව සහ ඉන්දීය පුරවැසියන් ආරක්ෂා කිරීමට තීරණාත්මක පියවර ගන්නා බව ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා. ජීවිත 26ක් බිලිගත් පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් පාකිස්තානයේ ත්‍රස්තවාදී යටිතල පහසුකම්වලට එරෙහි ප්‍රහාරයක් වන ඉන්දියාවේ “සින්දූර්” මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නොවන බවත් ඔහු සඳහන් කළා. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, එය මෙහෙයුමක් පමණක් නොව ත්‍රස්තවාදයට එරෙහි මූලධාර්මාත්මක වෙනසක්…

ඉන්දු – පාකිස්ථාන සටන් විරාම​ය උල්ලංඝණය කිරීම ගැන දෙපාර්ශවයෙන්ම චෝදනා

ඉන්දු – පාකිස්ථාන සටන් විරාම​ය උල්ලංඝණය කිරීම ගැන දෙපාර්ශවයෙන්ම චෝදනා

ඉන්දියාව සහ පාකිස්ථානය ඊයේ (10) දින​යේ පූර්ණ කඩිනම් සටන් විරාමයකට එකඟ වුවද ඊයේ රාත්‍රියේම එම සටන් විරාම ගිවිසුම කඩ කර ඇති බව දෙපාර්ශවය විසින් චෝදනා නගනවා. ඒ අනුව ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි පාකිස්තානය සටන් විරාමය නැවතත් උල්ලංඝණය කළ බවට චෝදනා කර ඇති අතර නැවත නැවතත් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් “දැඩි ලෙස කටයුතු කිරීමට ​ඉන්දීය හමුදාවට…