මැක්‍රෝන් ට්‍රම්ප් හමුවෙයි

මැක්‍රෝන් ට්‍රම්ප් හමුවෙයි

රුසියන් යුක්රේන යුද්ධය විසඳීමේදී යුක්රේනයට අසාධාරණයක් නොකරන්නැයි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයේ දී පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළ බවයි. යුක්රේනයට සාමය උදා කිරීම යනු, යුක්රේනය රුසියාවට යටත් නොවීම යැයි මැක්රොන් ට්‍රම්ප්ට පෙන්වා දුන්නේය. ට්‍රම්ප් රුසියන් යුක්රේන යුද්ධය විසඳීමට සූදානම්…

බොරතෙල් මිල පහළට

බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ. ඒ පසුගිය සතියට සාපේක්ෂවයි. ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 74.48ක් ලෙස සටහන්ව ඇත. ඒ 0.35%ක අඩුවීමක්ය. තවද, ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් බැරලයක මිල ඩොලර් 70.41ක් වේ. ඒ, 0.47%ක අඩුවීමක් වේ.

ඉන්දීය අගමැති ඇමෙරිකාවට

ඉන්දීය අගමැති ඇමෙරිකාවට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙදින නිල සංචාරයක් සඳහා අද (12) අමෙරිකාව බලා පිටත් යාමට නියමිතයි. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනයකට අනුව නරේන්ද්‍ර මෝදි අමෙරිකානු සංචාරයේ නිරත වන බව සඳහන් වේ. ඉන්දීය අග්‍රාමාතවරයා සහ අමෙරිකානු ජනාධිපතිවරයා අතර හමුවක් හෙට (13) දිනයේ දී වොෂින්ටන් නුවර දී පැවැත්වීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කළේය. ට්‍රම්ප් සිය දෙවන ධුර…

ඇමරිකාවේ නීති විරෝධී ලෙස සිටින ලාංකිකයන් 3,065ක් පිටුවහල් ලැයිස්තුවේ

ඇමරිකාවේ නීති විරෝධී ලෙස සිටින ලාංකිකයන් 3,065ක් පිටුවහල් ලැයිස්තුවේ

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව පරිපාලනය විසින් පිටුවහල් කිරීමට නියමිත නීතිවිරෝධී ලෙස රැඳී සිටින විදේශිකයන් අතර ශ්‍රී ලාංකිකයින් 3,065 දෙනෙකු සිටින බව එරට ආගමන හා රේගු නීති බලාත්මක කිරීමේ ඒජන්සිය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම ඒජන්සිය මේ බව සඳහන් කර ඇත. එම නිවේදනයේ තවදුරට ත් සඳහන් කර ඇත්තේ, පුද්ගලයන් 1,445,549 සංඛ්‍යාවක් නීතිවිරෝධී ලෙස එරට…

මෙක්සිකෝ බොක්කේ නම වෙනස් වෙයි

මෙක්සිකෝ බොක්කේ නම වෙනස් වෙයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙක්සිකෝ බොක්ක (Gulf of Mexico) “ඇමෙරිකා බොක්ක” ලෙස නම් කිරීම සඳහා විධායක නියෝගයකට අත්සන් තබා ඇත. මෙම නියෝගය, ජනාධිපති ට්‍රම්ප්ගේ නිල ගුවන් යානය වන Air Force One යානය මෙක්සිකෝ බොක්ක ඉහළින් ගමන් කරන අවස්ථාවේදී අත්සන් කරන ලදී.මෙම පියවර, ජනාධිපතිවරයාගේ මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමක් ලෙස සැලකේ. නමුත්, මෙක්සිකෝ බොක්කේ නම වෙනස්…

ට්‍රම්ප්ගේ තීන්දුවෙන් ලංකාවේ 4000 ක් අනාථයි

ට්‍රම්ප්ගේ තීන්දුවෙන් ලංකාවේ 4000 ක් අනාථයි

ඇමෙරිකානු රජයේ USAiD ආයතනය (සංවර්ධන ආධාර පිළිබඳ ඇමෙරිකානු ආයතනය) විසින් ලොව විවිධ රටවලට සපයන සංවර්ධන ආධාර අත්හිටුවීමට නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය නිසා එම ආයතනයෙන් ආධාර ලබන මෙරට රාජ්‍ය නොවන සංවිධානවල සේවය කරන 4000 කට අධික පිරිසකගේ රැකියා අවදානමකට ලක්ව තිබේ. 1961 ජෝන් එෆ්. කෙනඩි ජනාධිපතිවරයාගේ පාලන කාලයේ ආරම්භ කළ USAiD ආයතනය විවිධ රටවල…

ගුවන් යානයක් බ්‍රසීලයේ නගරයකට කඩා වැටී 10 දෙනෙක් මරුට

ගුවන් යානයක් බ්‍රසීලයේ නගරයකට කඩා වැටී 10 දෙනෙක් මරුට

බ්‍රසීලයේ සාවෝ පාවුලෝ නගරයේ ජනාකීර්ණ වීථියකට සැහැල්ලු ගුවන්යානයක් කඩාවැටී අනතුරක් සිදුව තිබේ. විදෙස් මාධ්‍ය පැවසුවේ, මෙම යානය මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථයක් ඇතුළු රථවාහන කිහිපයක් මතට කඩාවැටී ඇති බවයි. යානය කඩාවැටීමත් සමග එම ගුවන්යානය සහ අනතුරට ලක්වූ රථවාහනද ගිනිගැනීමට ලක්ව ඇත. මෙම සැහැල්ලු ගුවන් යානයේ හිමිකරු ධනවත් නීතීඥවරයෙක් බවට තොරතුරු වාර්තා වේ.

මානව හිමිකම් කවුන්සලයෙන් ඉවත්වීමට ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කරයි

මානව හිමිකම් කවුන්සලයෙන් ඉවත්වීමට ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කරයි

අමෙරිකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබෙනවා. එසේම පලස්තීන සරණාගතයින්ට උපකාර කරන එක්සත් ජාතීන්ගේ ආයතනයට අරමුදල් සැපයීම​ද නතර කර දමන බව​ට අමෙරිකානු ජනාධිපතිවරයා නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. සංචාරයක නිරත වන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමුවීමෙන් අනතුරුව මෙම නිවේදනය නිකුත් කර…

ඊශ්‍රායල සහ තායි ප්‍රාණ ඇපකරුවන් අට දෙනෙකු ගාසා තීරයෙන් නිදහස් කරයි

ඊශ්‍රායල සහ තායි ප්‍රාණ ඇපකරුවන් අට දෙනෙකු ගාසා තීරයෙන් නිදහස් කරයි

ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් සටන් විරාම ගිවිසුමේ කොටසක් ලෙස හමාස් සංවිධානය විසින් ගාසා තීරයේ රඳවාගෙන සිටි තවත් ප්‍රාණ ඇපකරුවන් අට දෙනෙකු නිදහස් කර තිබේ. ඊශ්‍රායල් ජාතිකයන් තිදෙනෙකු සහ තායි ජාතිකයන් පස්දෙනෙකු ඊශ්‍රායල හමුදාවට මාරු කර ඊශ්‍රායලයට ගෙන යාමට පෙර හමාස් විසින් රතු කුරුස සංවිධානයට භාර දෙන ලදී. ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ 32 දෙනෙකු සහ බාලවයස්කරුවන්…

දකුණු සුඩානයේ සිදුවූ බිහිසුණු ගුවන් අනතුර

දකුණු සුඩානයේ සිදුවූ බිහිසුණු ගුවන් අනතුර

දකුණු සුඩානයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කම්කරුවන් පිරිසක් රැගත් කුඩා ගුවන් යානයක් ගුවන් ගත වීමේ දී මෙලෙස කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එහිදි එම යානයේ සිටි එක් අයෙකු පමණක් දිවි බේරාගෙන ඇති අතර අනෙකුත් පුද්ගලයින් ජීවිතක්ෂයට පත්ව ඇත. මියගිය පුද්ගලයින් අතර විදෙස් ජාතිකයින් පස්දෙනෙකු ද වන බව…