‘EducationUSA Fair 2025’ ලබන සතියේ කොළඹ, ගාල්ල, මාතර යන නගරවල

එක්සත් ජනපද-ශ්‍රී ලංකා ෆුල්බ්‍රයිට් කොමිසම සමඟ හවුල්කාරිත්වයෙන් ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය, 2025 මාර්තු 20 සිට 22 දක්වා කොළඹ, ගාල්ල සහ මාතර යන නගරවල ‘Education USA’ නම් එක්සත් ජනපද විශ්ව විද්‍යාල ප්‍රදර්ශනයක් පවත්වනු ඇත.

උපාධි අපේක්ෂක, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි වැඩසටහන් සඳහා ඇතුළත් වීමට අපේක්ෂා කරන සිසුන්ට එක්සත් ජනපදය පුරා පිළිගත් විශ්ව විද්‍යාල සහ විද්‍යාල නවයක නියෝජිතයින් හමුවීමට අවස්ථාවක් ලැබෙන බව කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

සහභාගීත්ව ගාස්තුවක් නොමැති නමුත් ලියාපදිංචිය අවශ්‍ය බව ප්‍රකාශ කළ එක්සත් ජනපද තානාපති කාර්යාලය, සියලුම සිසුන්, දෙමාපියන් සහ පාසල් පරිපාලකයින් මෙම අවස්ථාවට සහභාගී වන ලෙස දිරිමත් කළේය.

වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා, ඔබට bit.ly/EducationUSARoadshow2025 වෙත පිවිසිය හැකිය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *