FACETS Sri Lanka – 2025
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ජාත්‍යන්තර මැණික් හා ආභරණ ප්‍රදර්ශනය වන ‘FACETS Sri Lanka – 2025’ ජනවාරි 4 සිට 6 දක්වා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වේ. මෙම ප්‍රදර්ශනය ජනවාරි 4 වන දින ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.
මෙම අවස්ථාව ශ්‍රී ලංකාවේ මැණික් හා ආභරණ කර්මාන්තයේ විශිෂ්ටත්වය ගෝලීය වේදිකාවක ප්‍රදර්ශනය කිරීමට උදව් කරයි.
මැණික් සහ ස්වර්ණාභරණ ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ ලොව පුරා විසිරී සිටින කීර්තිමත් සමාගම්වල නියෝජිතයෝ රැසක් ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ ගැනුම්කරුවන් බවට පත් වී සිටිති. මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ මැණික් හා ආභරණ කර්මාන්තයේ නව අවස්ථා සොයා ගැනීමට සහ ගෝලීය වෙළඳ සබඳතා වර්ධනය කිරීමට මහඟු වේදිකාවක් සපයයි.
මෙම ප්‍රදර්ශනයට ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ අපනයන සංවර්ධන මණ්ඩලය යන ආයතන ඒකාබද්ධව සහභාගී වී සිටී.

