ICC ශ්‍රේණිගත කිරීම්හි 3 වැනි ස්ථානයට මහේෂ් තික්ෂණ
ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තික්ෂණ ICC එක්දින පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.
7 වැනි ස්ථානයේ පසුවූ තික්ෂණ ස්ථාන 4ක් ඉදිරියට පැමිණ තෙවැනි ස්ථානයට පත්ව ඇත.
ශ්‍රේණිගත කිරීම් ලකුණු 663ක් සමඟින් මෙය ICC ශ්‍රේණිගත කිරීම්හි මහේෂ් තික්ෂණගේ ඉහළම ස්ථානයයි.
ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් පළමු ස්ථානයේ පසුවන අතර ඉන්දියාවේ කුල්දීප් යාදෙව් දෙවන ස්ථානයේ පසුවනවා.
නවසීලන්තය සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරග දෙකේදී කඩුලු 7ක් දවා ගනිමින් ශ්‍රේණිගත කිරීම්හි මෙම 3 වැනි ස්ථානයට පත්ව ඇත.