IMF ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා වශයෙන් Evan Papageorgiou පත් කෙරේ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානියා වශයෙන් මෙතෙක් කලක් කටයුතු කළ Peter Breuer සිය ධුර කාලය අවසන් කර ශ්‍රී ලංකාවෙන් නික්ම ගිය අතර, ඒ වෙනුවට මෙම පත් කිරීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයට මුහුණ දුන් 2022 – 2023 වකවානුවේ දී ශ්‍රී ලංකාව යළිත් වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට අනුගත වීමට පියවර ගත් අතර, එම අවස්ථාවේ දී එම අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානියා වශයෙන් Peter Breuer කටයුතු කරනු ලැබුවා.